දේශීය වශයෙන් පවතින බලි යාග කර්ම ඒවායේ අන්තර්ගත ඇතැම් ලක්ෂණ නිර්ණායක කොට ගනිමින් කොටස් කිහිපයකට වර්ග කර දැක්විය හැකිය. ඉන් ප්‍රධානතම වර්ග කිරීමට දැක්විය හැක්කේ බලිය නිර්මාණය කිරීමේ ශිල්පීය ක්‍රමය පදනම් කොට ගෙන කරනු ලබන බෙදා වෙන් කිරීමයි. ඒ අනුව ඇඹුම් බලි සහ රූප බලි යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකි.
ඇඹුම් බලියක් යනු පොල්පිති වෙනත් ආකාරයක ශක්තිමත් කෝටු හෝ පට්ට යොදාගෙන සකස් කරන ලබන මැස්සක හුඹස් මැටි පදම් කොට ගෙන එයින් අදාල රූපය අඹා වර්ණ කර ගැනීමෙන් සකස් කරගනු ලබන අර්ධ උන්නත රූප විශේෂයකි. රූප බලි යනු රෙද්දක හෝ කැන්වසයක තෙල් සායම් හෝ බලි සායමින් අඳිනු ලබන ද්විමාන රූපයකි. මෙකී පුද පූජා සඳහා යොදාගනු ලබන්නේ එකී තලරූප යයි.මෙකී ඇඹීම හෝ ඇදීම නිදහස්ව තමන්ගේ අභිමතය පරිදි හෝ කළ හැකි කටයුත්තක් නොවේ. එහි ප්‍රමාණ අංශ ලක්ෂණ දිසා වර්ණ ආයුධ ආදී කොට ඇති මූලික තොරතුරු නිශ්චිත කොට දක්වන්නා වූ සාම්ප්‍රදායික ක්‍රමවේදයක් එකී කලාව හා බැඳී ඇත. බලියක නැතහොත් බලි මැස්සක දිග පළල ගණනය කරන්නේ වියත නමින් හැඳින්වෙන පැරණි මිනුම් ක්‍රමය යොදා ගනිමිනි. මෙහිදී වියත් පහක් පළල වියත් දහයක් උසට සිටින සේ බලි මැස්ස සකසා ගැනීම සාම්ප්‍රදායික ක්‍රමවේදයයි. ඇතැම් විශාල බලි මැස්සක් වියත් පහළොවක් පමණ වන අවස්ථාද ඇත. එවැනි අවස්ථාවලදී බලි මැස්ස ඉදිකිරීමේදී ශක්තිමත් පොල් පරාල දෙකක් පදනම සේ යොදා ගනු ලබන අතර බලි මැස්ස යටින් එකී පරාල එලියට අඩි තුනක පමණ ප්‍රමාණය සිටින සේ මැස්ස සකස් කිරීම සිරිතකි. එසේ එළියට නෙරා ආ කොටස බලි කකුල් ලෙස හැඳින්වෙයි. බලිය ඇඹීම සඳහා අදාල විධි නියමයන් දැක්වෙන ගායනා ඇඹුම් කවි ලෙස හැඳින්වේ.
දියත් නා පිරුවට අඳිමින් නොයෙක භෝජන බුදිමිනා
වියත් බර නැග පුළුල් අඩුකොට සිව් වියත් මැන පුළුල් ඉනා
දියත් නා මැටි අනා සුවඳින් අසා වස්ත්‍ර බරණින් ගෙන්වා
කියත් පෙර සිට පැවති සිරිතකි නව ග්‍රහයින් නව දෙනා
දකුණු දිග් භාගයට මුහුණලා සිටුවමින් ආතුර සොයන්නේ
දකුණු හස්තය සුමුදු වර්ණය සමන් දෙවි රජ පලක් දුන්නේ
දකුණු දෙස සිටුවමින් ආතුර මුවන්ලා සිටුවමින්නේ
දකුණතින් ගොස් වන් දෙසේ සිට නමෝ සිහිකර මැටි තබන්නේ
මෙසේ අඹනු ලබන බලියට පස් ගැනීමේදී තුඹස අවට පිරිසිදු කර කහ දියර ඉස එකී තුඹසෙන් මැටි කපා ගනු ලබන අතර එම තුඹස ආතුරයාගේ ගෙට උතුරු දෙසින් පිහිටි තුඹසක් වීම අත්‍යවශ්‍ය සාධකයක් ද වේ. බලි ඇඹීම සඳහා ස්ථාන නමයකින් පස් සහ ජලය ලබා ගත යුතු බව පාරම්පරික නියමය වන හෙයින් ඒ සඳහා අවශ්‍ය හුඹස් මැටි ස්ථාන නමයකින් ලබාගෙන එකට මිශ්‍රකර ස්ථාන නමයකින් ගෙන ජලයට කහ දියර මිශ්‍රකර බලි ඇඹීමට අවශ්‍ය මැටි අනා ගැනීම කරනු ලබයි. මේ සදහා තුඹස් මැටි යොදා ගනු ලබන්නේ ඒවායේ ගල් බොරළු නොමැතිවීමත් හොඳින් අනා පදම් කර ගැනීමට ඇති හැකියාව නිසා බව පෙනේ. මෙහිදී අනාගත් මැටි පේ කර ගැනීමත් ද කළ යුතුය. එහිදී බලි ඇදුරා ඉතා පිරිසුදුව පේ වී සිටිය යුතු වන අතර අළුයම කපුටන් හඬලන්නට පෙර බලි මැස්සට පේ කරන ලද මැටි ගුලිය දැමිය යුතුවේ. මැටි පේ කිරීමේදී ඇදුරා නව ග්‍රහයන්ට යාඥා කොට ආතුරයාට සෙත් ශාන්තියක් ඉල්ලා සිටින අතර තමාට ද යාගය අවසන් වනතුරු සියලු රැකවරණය සහ ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා සිටි.
රූප බලි වශයෙන් ගැනෙන බලි වශයෙන් ග්‍රහ බලි නවය නැකත් බලි සත් විස්ස රාශි බලි දොළස රකුසු බලි අට සින් බලි සතර සහ පක්ෂ බලි පසළොසය. අතීතයේ දී බලි ක්‍රම අසූහාර දහසක් පැවති බව කියැවේ. ඇතැම් තැනකදී කියවෙන්නේ බලි හැත්තැදාස් හත්සිය හතක් පැවති බවයි. එසේ වුවද අද්‍යතනයේ දී බලි ඇදුරන් අතර ප්‍රචලිතව ඇත්තේ පන්තිස් බලය හෙවත් ප්‍රධාන බලි තිස්පහකි. එක් එක් ප්‍රාදේශීය ප්‍රභේදයන් අනුව සලකා බැලීමේදී ක්‍රම තිස්පහ යන සීමාව ඉක්මවා යනු ලබන බව පෙනී යන හෙයින් පෙර දැක් වූ පුවත් ඇතැම් විට අතිශයෝක්ති වර්ණනා නෙවෙිය හැකිය.
අත් බලි දෙවි බලි වාස බලි නක්ෂත්‍ර බලි අට රාක්ෂ බලි
මංගල බලි සක බලි අන්ත බලි කුළු බලි බත් බලි
නර බලි පක්ෂ බල රාශි බලි රූප බලි මඩු බලි
යාග බලි හිං බලි යන්ත්‍ර බලි මාංශ බලි යුග බලි
ත්‍රීති බලි චක්‍ර බලි ප්‍රතිමා බලි වෙඩි බලි කඩ බලි
යක් බලි දාස බලි වැලි බලි වරුස බලි දින බලි
හීං හතර බලි කළ්‍යාණ බලි අශ්ඨ බලි පිස්සු බලි මල් බලි
බලි ඇඹීමේ දී එක් එක් බලි වල ස්වභාවය අනුව වර්ග කර දැක්වීමක් ද කරනු ලැබේ. දේව, රාක්ෂ, මංගල්‍ය, කන්‍යා, නර, සන්ධ්‍යා, දින, එන්ද්‍රෂ්ටක, වේද, සින්, ප්‍රේත, භූත යනාදි එකිනෙක බලි රූ නිර්මාණයේදී එකිනෙක බලියට යෝග්‍ය වන ආකාරයට අනුව දේවාංග භූතාංග සහ නරංග පිහිටුවීමේ දක්ෂතාවයක් බලි ඇදුරාට තිබිය යුතුය.විවිධ පදනම් අනුව බලි වර්ග කිරීමේදී,
1.අත්, යාත්‍රා, ආකාශ, දින, දිනතිථි, ග්‍රහ, ක්‍රීඩා, ඕලාන්ත, අහස්, කුසුම්, කුජදින, සිංහගති, භූමි චක්‍රාවාට, පූප වර්ග, නිධාන, ත්‍රිකූට, රාහු, සන්නි ...............
2.යක්ෂ, ප්‍රේත, සූනියම්, ග්‍රහ, දොල, සුර, අසුර, නාග, රජ, නර, ගජ, පාප, දිවි, භූත...........
3.වැලි, මල්, යුග, කඩ, ග්‍රහ, වරුසෙට, බත්, මැටි.............
යන ආකාරයෙන් විවිධාකාර වූ බලි ක්‍රම පවතින බව ජේ. ඊ. සේදරමන් මහතා පෙන්වා දී ඇත.
(තොරතුරු , ගුරුවරු හා පොත්පත් ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)
ප්‍රධාන මූලාශ්‍රයන්
දිසානායක මුදියන්සේ: සිංහල නර්තන කලාව: ඇස් ගොඩගේ සහ ප්‍රකාශකයෝ: කොළඹ 10; 1995
පීරිස් ඥානසිරි;ශාන්තිකර්ම හා අභිචාර විධි; වාසනා ප්‍රකාශකයෝ; දංකොටුව; 2006
ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන
විශේෂවේදි ප්‍රථම වසර
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
�� good
ReplyDeleteNiyamai.. ❤️
ReplyDelete👍 great 👍
ReplyDelete😘💖
ReplyDelete👍👍
ReplyDelete👍👍
ReplyDeleteGreat ❤️🥂
ReplyDeleteGood
ReplyDelete