ලංකාවේ පහතරට නර්තනය ව්‍යාප්තව පවතින නිරිතදිග සහ දකුණු මුහුදුබඩ ප්‍රදේශයන්ගෙන් දකුණු ප්‍රදේශයේ මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කයන්ට පමනණක් ආවේණිකව පවත්වන්නා වූ ශාන්ති කර්මයක් ලෙස මහසොහොන් සමයම හඳුන්වා දිය හැකිය. බෙන්තර පළාතේ හෝ රයිගම පවත්නා ශාන්තිකර්ම අතර මහසොහොන් යක්ෂයා වෙනුවෙන් පවත්වනු ලබන විශේෂිත ශාන්තිකර්මයක් දක්නට නැතත් බෙන්තර සාම්ප්‍රදායික සන්නියකුම් යාගයේ දී දෙකොන විලක්කු නටනු ලබන්නේ මහසොහොන් යක්ශයා වෙනුවෙනි. මාතර සම්ප්‍රදායට අනුව භූත කර්මයන්හි නියැලෙන ඇදුරන්ගේ මතය වී ඇත්තේ සන්නි යකා සහ මහසොහොන් යක්ශයා එකම මඩුවක දී පුද පූජා නොගන්නා බවත් මාතර සම්ප්‍රදායට අනුව මහසොහොන් යක්ශයා ඉතාමත් බලසම්පන්න ආතුරයන් කෙරෙහි මහත් විපත් පමුණුවන්නා වූ යක්ෂයෙකි. මහා සුමනාට බියවීම, මහසොහොනා ගැසීම්, අවතාර කරවීම වැනි විශ්වාස පොදුවේ ගත් කල පහතරට නර්තනය ප්‍රචලිත ප්‍රදේශ වල පමණක් නොව අනෙකුත් ප්‍රාදේශීය ප්‍රදේශවල ද ගැමි ජනතාව අතර ප්‍රචලිත විය. එසේ වූ හෙයින් මහසොහොන් යක්ශයා හා බැඳී ශාන්තිකර්ම අනෙකුත් පහතරට ශාන්තිකර්මයන්හි ප්‍රචලිතව නොපැවැත්වීමට හේතු අපැහැදිලිය.
මාතර ප්‍රදේශයේ පිළිගැනීම් වලට අනුව මහසොහොන් සමයම කරනු ලබන්නේ සුව කළ නොහැකි හැකි මාරාන්තික රෝගී අවස්ථාවකදීය. මහසොහොනා විසින් කරනු ලබන ලෙඩ විවිධ ස්වභාවයෙන් යුක්තය. ඇතැම් විටක පාළු වෙල් එලියක අමු සොහොනක් අසල වැනි ස්ථානයක මැරී වැටී සිටින පුද්ගලයින් මහසොහොනාගෙ පහර දීමෙන් මිය යන බවට ගැන විස්ශ්වාසයක් ඇත. ඔවුන්ගේ පිටෙහි අතුල් පහර වැදී ඇති බවත්, නිල්පාටින් ඉස්මතු වී පෙනෙන බවත්, විශ්වාසයක් මහසොහොන් යක්ෂයා බිය වීමෙන් පසුව ඔල්මාදයෙන් තැන තැන දුව ඇවිදීම, දිය තත්ත්ව (අධික පිපාසය) ඇති වන බව පිළිගැනීමයි. ඇතැම් විටක මහසොහොන් යක්ෂයා ලෙසද මහසොහොන් දේවතාවා ලෙසද හැඳින්වේ. මහසෝන් යක්ෂයා නමින් හැඳින්වෙන්නේ ඔහු සොහොනෙහි ඉපිද සොහොන් වල හැසිරෙමින් මළමිනී අනුභව කරතියි යන විශ්වාසයක් ඇති නිසා යැයි මහාචාර්ය සරත්චන්ද්‍ර මහතා පවසයි. යක්ෂයින් සත් ලක්ෂයකට අධිපති යැයි හදුන්වනු ලබන්නාවූ බලි රුප වල අඹා ඇත්තේ වලස් මුහුණකින් සහ හැඩපලු ගෙතුනු කෙස් වැටියකින් ද එක් අතකින් ගත් හෙල්ලක් ඇති අනෙක් අතින් ගත් ඇත්තකුගේ ලේ උරා බොන බොහෝ උස් මහත් කෙනෙකු ලෙස ලෙසිනි.
සඳ ඇති රාත්‍රියක ගැවසෙන්නේ යැයි විශ්වාස කරන මෙකී යක්ෂයා සුදු වතින් සැරසී ඌරු වාහනයක නැගී සිටින බවද කියති.
පාට සුදුයි සියොළඟ මහ සොහොනා
රෑට පෙනෙයි හැඩ කැඩපත් සේ මූණා
මෙසේ වූ මහසොහොන් යක්ශයා පිළිබඳ බොහෝ උපත් කතා ඇත.
කෝලම් මඩුවෙහි දී දැක්වෙන ගෝඨයිම්බර කතා පුවතෙන් රඟ දක්වා පෙන්වන්නේ එකී මහ සොහොන් උපත් කතාවයි. ක්‍රි ව 6 වන ශතවර්ෂයේ දී ලියන ලදැයි සැලකෙන සද්ධර්මාලංකාරයේත් මෙකී මහ සොහොන් උප්පත්තිය නොහොත් ගෝඨයිම්බර කතාව සඳහන් කර ඇත. විජිතපුර සටන ජයගත් දුටුගැමූණු රජතුමාට ඒ සදහා බෙහෙවින් උදව් කල ගෝඨයිම්බර එකී ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රීති උත්සවයක් සංවිධානය කලේය. එකී ප්‍රීති උත්සවය පවත්වන අවස්ථාවේදී අරිට්ඨ පබ්බතයෙහි වාසය කළ ජයසේන නම් යක්ෂයා තවත් යක්ෂ පිරිසක් සමග තම්බපණ්ණි සුසානයේ පැවති යක්ෂ සමාගමකට සහභාගිවීමට යද්දි ගෝඨයිම්බරගේ උත්සවය හාත්පස බලන කල ගෝඨයිම්බරගේ රූමත් බිරිඳ දැක ඈ කෙරෙහි සිත් ඇති වී ඇයට ආවේද ආවේශ විය. මෙවිට ඇය සිහිසුන් වී කටින් පෙන දමා ඇද වැටුණේ මේ පිළිබඳව තතු සොයන ගෝඨයිම්බර යෝධයා මෙම යක්ෂ උවදුරක් බව දැන ඔහුට වහාම පෙනී සිට තමන් හා යුදයට එන ලෙසට අභියෝග කළේය. ඉන්පසු දොදෙනා අතර යුද්ධයක් ආරම්භ විය. යක්ෂයා ගර්ජනා කරමින් දුව ආ විට ගෝඨයිම්බර අහසට පැන වම් පයේ සුළැඟිල්ලෙන් ගසූ කළ හිස කඳෙන් ගැලවී අට ඉස්බක් දුර විසිවී ගොස් වැටුණි. මෙහිදී සෙනසුරා ඉදිරිපත් වී වලසකුගේ හිස කපා ගෙනවුත් යක්ෂයාට බද්ධ කළේය. මෙකී කතා පුවතට බොහෝ දුරට සමාන වූ ඇතැම් කරුණු අතින් මීට වඩා වෙනස් ලක්ෂණ ඇති කතා පුවත් ද ජන වහරේ ඇත.
දුටුගැමුණුරජතුමා දසමහා යෝධයන් අතරින් ගෝඨයිම්බර සහ ජයසේන නම් යෝධයින් දෙදෙනෙකු සිටි බවත් ගෝඨයිම්බර විවාහ ගිවිසගෙන සිටි කාන්තාව කෙරෙහි ජයසේන යෝධයාද කැමැත්තෙන් සිටි නමුත් ඔහුට තමන්ගේ අරමුණු ඉටු කර ගැනීමට නොහැකි වූ බවත් ගෝඨයිම්බර සහ එකී කුමරිය අතර විවාහ මංගල දිනයේදී සුරා මතින් ජයසේන යෝධයා ඇයට නොමනා ලෙස විහිළු තහළු කරමින් අනියත යෝජනා ඉදිරිපත් කළ විට එයින් නොසතුටට පත් ඇය ඒ පිළිබඳ ගෝඨයිම්බර නම් වූ තමන්ගේ ස්වාමිපුරුෂයාට දැන්වූ බවත් ගෝඨයිම්බර සහ එකී කුමරිය අතර දෙදෙනා අතර ඇතිවූ බහින් බස්වීම දුර දිග නියම කොට අමු සොහොනකදී සටන් කළ බවත් එකී සොහොන් සටනේදී ගෝඨයිම්බර යෝධයා අට ඉස්බක් අහසට පැන නැගී වම්පස සුළැඟිල්ලෙන් දුන් පහරින් ජයසේන යෝධයාගේ හිස ගැලවී බිම වැටුණු කල පොළොව පලාගෙන ගොස් අගාධයකට වැටුණු බවත් මේ දුටු සක්දෙවිඳු ජයසේන කෙරෙහි අනුකම්පා කොට වහා හිසක් සවි කොට ජයසේන යෝධයාට පණ දෙන ලෙස දැන්වූ විට කාට වූ නමුත් කරදරයක් කර සතුටු වන සෙනසුරා වලස් හිසක් කපා ගෙන විත් මුහුණ පිටුපසට සිටින සේ සවි කළ බවත් එසේ අමු සොහොනේ දී උපන් හෙයින් ජයසේන මහාසොහොනා වූ බවත් එකී ජන කතාවෙහි සඳහන් ය.
ක්‍රි. පූ. දෙවැනි සියවසේ දී තම්බපන්නී සොහොන් බිමේ සිදු වූ මෙකී සිද්ධිය ආර්ය ජන ප්‍රධානියෙකු සහ අනාර්ය ජන ප්‍රධානියෙකු අතර සිදුවූ සංග්‍රාමයක් සංකේතවත් කරන්නේ යැයි ද ගෝඨයිම්බර යනු හුදු මිථ්‍යා ප්‍රබන්ධයක් නොව ලංකාවේ ඓතිහාසික වශයෙන් ජීවත් වූ සත්‍ය චරිතයක් බව ද මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා සඳහන් කරයි. ඇතැම් ශාන්තිකර්ම ගායනා වල දැක්වෙන ආකාරයට මහසොහොනාට නෙත් තුනකි. අත් හතරකි. මහසොහොනාට නෙත් තුනකැයි සැලකෙන්නේ ඊශ්වර අවතාරයක් වන බැවිනි. ඌරු වාහනයේ නැගී සමයම් බලයි. සුදු වතක් ඇන්ඳේ වූවද ශරීර වර්ණය නිල්ය.
අත් හතරයි තුන්නෙත් බබල වන්නේ
නිල් පාටයි සියොළඟ කුරිරු වැන්නේ
ඌරා පිට නැග සමයන් බලන්නේ
මහසේනේ යකු කල ලෙඩ හරින්නේ
තවත් කතාවක කියැවෙන්නේ බස්ම අසුරයා දැව් සොහොනේ අළුවලින් උපන් බවයි.
බස්ම අසුරයා අළු වුණු අගුරෙන්
යක්ෂ රකුසු මහ සොහොනේ මැවෙමින්
නික්ම ගොසින් හිම වනයට වදිමින්
දක්වමි මහසොහොනගෙ හැටි සොල්මන්
දුටුගැමුණු රජතුමාගේ දස මහා යෝධයන් අතර සේන හෙවත් මහ සෝන නමින්ම යෝධයෙක් සිටි බවත්, රාජාවලිය සෝමන නමින්ද, මහා වංශය මහා සොහොන නමින් ද මෙකී යෝධ හදුන්වන ඇති බවත් කෝට්ටේගොඩ මහතා සඳහන් කරයි. එය පෙර සඳහන් කළ ජනවහරේ සඳහන් තොරතුරු සනාථ කරවන්නකි, මහා සොහොනාගේ උපත පිළිබඳ දැක්වෙන තොරතුරු ද අනෙකුත් උපත් කතාවන් සේම ව්‍යාකූලතාවයෙන් යුක්තය. මහසොහොන් උපතේ එක් එන කවෙකට අනුව රජුට දාව ගජ කුම්භකාරියගේ කුසින් උපන් බව කියවේ.
සෝමල රජුන් හට ජාතක වෙමින් එම විට
ගජකුම්භකාරිට උපන් කුමරෙක් මහත් බල කොට
මේ ආකාරයට මහසොහොන් සමයමේ උපත් කතා හදුන්වා දිය හැකි අතර තවත් කොටසකින් හමු වෙමු.
ප්‍රධාන මූලාශ්‍රයන්
පීරිස් ඥානසිරි;ශාන්තිකර්ම හා අභිචාර විධි; වාසනා ප්‍රකාශකයෝ; දංකොටුව; 2006
ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන
විශේෂවේදි ප්‍රථම වසර
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
👌👌
ReplyDelete😍😍😍
ReplyDeleteවැදගත් ලිපියක් 👍
ReplyDeleteGood article 👍👍
ReplyDelete👍👍
ReplyDelete👍👍
ReplyDeleteවැදගත් ලිපියක්..
ReplyDeleteවටිනවා 👍
ReplyDelete👍👍
ReplyDeleteWell 🖤
ReplyDelete