පහන් මඩුව සබරගමු සම්ප‍්‍රදායේ ප‍්‍රචලිත ශාන්ති කර්මයකි. මෙහි විශේෂත්වය පත්තිනි දෙවියන්ගේ දේවාභරණ වැඩමවා ගෙන ශාන්ති කර්මය කරන ගමේ සෑම නිවසකට යෑමයි. මෙහිදී සෑම නිවසකම පහන් පැලක් තනා පහනක් දැල්වීම චාරිත‍්‍රයකි.පත්තිනි දේවතාවිය මුල්කොටගෙන පවත්වනු ලබන මෙම ශාන්ති කර්මයේදී දේවාභරණ වැඩම වන මඟ දෙපස පහනක් දල්වා මාර්ගය ආලෝකවත් කිරීම ද කරයි. පහන් මඩුව අවසන් වී දින හතක් යනතුරු නිවෙස්වල පහන් දැල්වීම ද සුවිශේෂී කරුණකි.
පතිවත සුරැකි කන්නගී කුමරියගේ ස්වාමි පුරුෂයා වූ කෝවලාන් හෙවත් පාළඟ කුමරු පඬිපුර පඩි රජු විසින් මරා දැමීමෙන් පසු ඊට පළිගැනීමක් ලෙසින් කන්නගී සිය පියවුරක් කඩා පලොවේ ගසයි. එම සාපයෙන් පඬිපුර ගිනිබත් වීමෙන් පසු පත්තිනිය සිය ප‍්‍රාර්ථනා බලයෙන් ගිනිබත් වූ පඬිපුරයට මල්වැහි වස්සවා කිරි උතුරවා සෞභාග්‍යය උදා කළ බව පුරාවෘතයේ පැවසේ. එම සිදුවීම සිහිපත් කර කරනු ලබන ශාන්ති කර්ම මාලාවේ එක් ශාන්ති කර්මයක් ලෙසට පහන් මඩු ශාන්ති කර්මය පැවැත්වේ. (සිංහල නර්තන කලාව මඩු තෝත‍්‍ර - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායක)
දෙවොල් මඩු ශාන්ති කර්මයේ මෙන්ම පහන් මඩු ශාන්ති කර්මයේ සේරිමාන් රජ පුවත මුල්ව ඇත. කාවේරි නුවර සේරිමාන් රජු නිදි යහනට ගිය අවස්ථාවේ ගෝනෙකුගේ හඬින් බියට පත් වේ. මෙම සිදුවීමෙන් නින්දෙන් අවදි වූ රජුට තද කේන්තියක් ඇති වේ. රජුට ඇති වූ එම කේන්තිය නිසා රජු එම ගෝනා මරා දැමීමට පියවර ගනියි. ගෝනා රජු කෙරෙහි වෛරයෙන් රජතුමාගේ මඟුල් උයනේ වූ පොකුණක මැඩියෙක් වී උපත ලබයි. රජුගෙන් පලිගැනීමට සිතමින් සිටි මැඩියා රජු පොකුණ ළඟට පැමිණ මානෙල් මලක් කඩා සිඹ ගන්නා මොහොතේ මානෙල් මලෙහි සැඟවී සිටි මැඩියා රජුගේ නාසයෙන් හිස්කබල තුළට රිංගයි. මේ හේතුවෙන් මහත් හිසරුදාවක් ඇති වන රජුගේ එම හිසරුදාව දුරු කිරීමට පහන් යාගය කළ බව පුරාවෘතයේ පවතී. (ශාන්ති කර්ම සහ අභිචාර විධි ඥානසිරි පීරිස්.)
‘‘පත්වැහැලිය නැතැයි සිතා පත්වුනිති සිරස රෝග
ගෙන්නා පඬිපුර බමුණන් සිව්වේදය නිපුන යාග
රං වළලූත් ගජහිස පිය රන්මිණිමුතු දෙමින් තෑග
නංවා තුන් දවස් පතා කරවයි ඉඩ නොහැර යාග’’
සක්දෙව් රජු විසින් උපක‍්‍රමයෙන් සේරිමාන් රජුගේ මොළයට රිංගූ මැඩියා ඉවත් කළ බවත් රජතුමා එයින් මහත් සතුටට පත්ව පත්තිනි දෙවියන් වෙනුවෙන් පහන් මඩු යාගය කළ බවත් පුරාවෘත්තයේ පැවසේ.
පහන්
මඩුව සැකසීමේදී වෙනත් ශාන්ති කර්ම සඳහා සාදන ලද මඩු ආකාරයටම පහන් මඩුව
ඉදිකරනු ලබන අතර මෙහිදී පත්තිනි දෙවියන් වෙනුවෙන් පත්තිනි තොරණ හෙවත්
පත්තිනි මාලිගය ඉදිකිරීම විශේෂත්වයකි.පහන් මඩුවේ පුරාවෘතයට අනුව ලෙඩ රෝගවලින් ආරක්ෂා වීම, බව භෝග සම්පත් ආරක්ෂා
කර ගැනීම, පත්තිනි, කතරගම, විෂ්ණු සමන් දේවාශිර්වාදය ලබා ගැනීම මෙම පහන්
මඩු ශාන්ති කර්මය කිරීමේ අපේක්ෂාවයි.
පහන් මඩු ශාන්තිකර්මයේ අභිචාර විධි ඇතුලත් පුළුල් සටහනක් සමගින් පසුව හමුවෙමු.
(තොරතුරු ගුරුවරු හා පොත්පත් ඇසුරෙනි. අඩුපාඩු ඇත්තම් සදහන් කරන්න.)
Best
ReplyDelete