සබරගමු සම්ප්‍රදාය හා බැඳුණු මඩු ශාන්තිකර්ම සහ යක්තොවිල් රාශියක් ඇත. අතීතයේ දී පැවතුණේ යැයි සඳහන් ඇතැම් ශාන්තිකර්ම අද දකින්නට පවා නැත. එසේ සමහරක් ශාන්තිකර්ම අභාවිත තත්ත්වයට පත්ව ඇතිවාක් මෙන්ම තවත් ශාන්තිකර්ම අනෙකුත් ප්‍රාදේශීය ශාන්තිකර්ම වල අංග ලක්ෂණ හා සම් මිශ්‍රණය වී මූලික ස්වරූපයෙන් බොහෝ දුරට වෙනස් වී ඇත. කෙසේ වෙතත් අද්‍යතනයේ වුවද සබරගමු සම්ප්‍රදායට අයත් ශාන්තිකර්ම අභාවයට යා නොදී රැක ගැනීමට සමත් දක්ෂ ශිල්ප පරම්පරාවන් කිහිපයක් හෝ එකී කාර්යයෙහි ප්‍රායෝගිකව නියැලී සිටීම ජාතියේ වාසනාවකි.
සම්ප්‍රදායික යාතු කර්මයේ අන්තර්ගත යාතුකර්ම ප්‍රධාන වශයෙන් කොටස් තුනකි. එනම්,
- දෙවියන් වෙනුවෙන් පවත්වා මඩු ශාන්ති ශාන්තිකර්ම
- යකුන් වෙනුවෙන් පවත්වන තොවිල් ශාන්තිකර්ම
- ග්‍රහ දෙවියන් මුල් කරගෙන පවත්වන බලි ශාන්ති ශාන්තිකර්ම වේ.
දෙවියන් උදෙසා නැතහොත් දෙවියන් මුල්කොට ගෙන පවත්වන මඩු ශාන්තිකර්ම නම්,
- පහන් මඩු
- කිරි මඩු
- දානේ මඩු
- හැල්ලුම් මඩු
- පිදුම් මඩු
- දෙවොල් මඩු
- ගී මඩු
- ගිනි මඩු
- පූජා මඩු
- ගම්මඩු
- මංගල මඩු
- දෙහි මඩු
- ගරා මඩු
යකුන් උදෙසා පවත්වන ශාන්තිකර්ම ලෙස ,
- සන්නි යකුම
- රීරි මරු සමයම
- කළුකුමාර සමයම
- ඉර මුදුන් සමයම
- කුමාර සමයම
- දරහැව තොවිල්
- සූනියම් මඩුව
- බිල්ලේ සමයම
- කඩවර සමයම
- කළු වැදි සමයම
- මහ සොහොන් සමයම යනාදියයි.
ග්‍රහයන් උදෙසා පවත්වන තොවිල් ලෙස බලි ශාන්ති ශාන්තිකර්ම වර්ග 35කි. මේවා අඹන බලි, සැරසිලි බලි හා කඩබලි යනුවෙන් තුන් වැදෑරුම් වෙයි. මෙකී ශාන්තිකර්ම අතරින් වඩාත් ප්‍රචලිතව පවතින ශාන්තිකර්ම කිහිපයක් සමඟින් පසුව හමුවෙමු.
පීරිස් ඥානසිරි:ශාන්තිකර්ම සහ අභිචාර විධි:වාසනා ප්‍රකාශකයෝ:දංකොටුව,2006
Best
ReplyDelete