කොහොඹා කංකාරී ශාන්ති කර්මයේ උපත පිළිබඳ විවිධ මතිමතාන්තර පලවී ඇත. ජනප්‍රවාදයේ මෙන්ම ඉතිහාසගත සාහිත්‍ය ග්‍රන්ථ ඇසුරෙන්ද මේ පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට පුළුවන. ඒ සඳහා කෝට්ටේ යුගයේදී හා ඊට පසුව ලියැවුණු කුවේනණි අස්න, රාජාවලිය, සිහඹා අස්න, කොහොඹා යක්කම, දිවිදොස් ශාන්තිය, මලය රාජ කතාව ආදී ග්‍රන්ථවල මේ හා සම්බන්ධ තොරතුරු අන්තර්ගත වේ. ඒවායෙහි එකිනෙක අතර සුළු සුළු වෙනස්කම් තිබුනද අන්තර්ගත කරුනු ගොනුකර ගැනීමෙන් මෙහි උපත් කතාව සියල්ලට පොදුවන අන්දමින් මෙසේ දැක්විය හැකිය.
විජය රජු සත් සියයක් සමග ලක්දිවට පැමින පළමුවෙන්ම කුවේණිය විවාහ කර ගත්තේය. පසුව ඇයට ජීවහත්ථ සහ දිසාල නමින් දරු දෙදෙනෙක්ද උපන්හ. එහෙත් විජය රජු කුවේණිය එළවා දමා මදුරාපුරයේ සමකුල කුමාරිකාවක් සරණ පාවාගත්තේය. මෙයට විජය කෙරෙහි කෝපයට පත් කුවේණිය ඔහුට ශාප කළේය. එම ශාපය විජය රජුට නොවැදුනේ බුදුන් වහන්සේ විසින් ලක්දිව ආරක්ෂාවට දෙවියන් වෙත පවරනු ලැබීමේ හේතුවෙන් විජය රජුට අරක් ගෙන සිටි සක්‍ර, බ්‍රහ්ම, මහේෂ්වර, කිහිරැලි, උපුල්වන්, සමන් ආදී දෙවිවරුන් ඉදිරිපත් වී කුවේණියගේ වීදුරු දිව කඩා ඇය ගල් කර විජය රජු ආරක්ෂා කල බව කියැවේ. එම නිසා විජය රජුගෙන් පසු රාජ්‍යට පැමිනි පඬුවස්දෙව් රජුට මෙම ශාපය වැදුනේය. සිහිනෙන් දිවිවෙසක් දැක බියට පත් වූ පඬුවස්දෙව් රජු රෝගාතුර විය. එම සිහිනය නම් නපුරු රාක්ශයෙක් රජු ගිල ගැනීමට විශාල දිවක් රජු ඉදිරියේ එලියට දැමීමය. මොහොතකින් අවදි වූ රජු තමාගේ අසිපතින් රකුසාගේ දිව කපා දැමීය. මොහොතකින් අවදි වූ රජු විමසිලිමත්ව බැලූ විට බිම වැටී තිබුනු ලේ බින්දු දැක කිසිවකු මෙය දුටුවහොත් තමාට නින්දා අපහාස වේයයි සිතා රන් කොරහකින් එය වසා දැමීය. පසුදින උදෑසන විජය රජුගේ නෑදෑයෙකු පැමින රජු නොසිටි හෙයින් අවට විපරම් කර බැලීමේදී රන් කොරහක් දුටුවේය. එය ඇර බලන විට දිවි පැටියෙක් එහි සිට රජුගේ ඇඟට පැනීමෙන් රජ බියට පත් විය. මෙයින් බියට පත් වූ පඬුවස්දෙව් රජු එතැන් සිට රෝගාතුර විය. මෙම දෝශය දිවිදොශය යනුවෙන් හඳුන්වයි.
මෙම දිවිදෝශය සුව කිරීමට නම් මව්කුසින් නූපන් කෙනෙක් කැඳවිය යුතු බව ශක්‍රයා පවසයි. මේ සඳහා කැඳවිය යුත්තේ මලකින් උපන් කුමරෙකු හෙවත් මලය රජු බව හෙතෙම පැවසීය. මලය රජු ගෙන්වා ගත හැක්කේ රාහු අසුරිදුට යයි, කී පසු රාහු අසුරිදු ගෙන්වා මෙය ඉටුකර දෙන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටි නමුත් ඔහු කියා සිටියේ විශ්නුගේ දස අවතාරයෙන් එකක් වන ඌරු ( වරාහ ) අවතාරයට වරම් ලබා දෙන්නේ නම් එම කාර්යය ඉටු කර දෙන බවයි. පසුව ඌරු අවතාරයට වරම් ලබාදීමෙන් රාහු අසුරිදු ඌරු වේශයෙන් මලය රජුගේ නන්ද නම් උයන විනාශ කරන්නට විය. මෙය දුටු මලය රජු ඌරා ලුහුබැඳ යයි. ඌරා කැලෑ ගම් දනව් පසු කරමින් මහමුහුද තරණය කරමින් ලංකා දේශයේ සන්තානාවට ගොඩ බසී. අවශ්‍ය තැනට මලය රජු ගෙන්වාගත් පසු ඌරා ( රාහු අසුරිදු ) මහා පර්වතයක් බවට පත් විය. ( මන්නාරම් ප්‍රදේශයේ සන්තානා ගල නමින් ව්‍යවහාර කරන්නේ මෙය යයි ජනප්‍රවාදයේ පවතී ) දැඩිසේ කෝපයට පත් වූ මලය රජු තම අත තිබූ තත්තාරී දුන්නෙන් පර්වතයට ගසා දෙපලු කල විට එයින් රාහු අසුරිදු මැවූ බවක්ද කියවේ..
ඉන්පසු රාහු අසුරිදු මලය රජුට පඬුවස් රජුගේ දිවිදෝශය පිළිබඳ කරුණු පැහැදිලි කර රජු දෝශයෙන් මුදවා ගැනීමට එකඟ කරගෙන මලය රජුගේ උපදෙස් පරිදි හැටරියනක් දිගට මඩුවක් සාදවා තැඹිලි, නවසි, රඹකැන් ආදියෙන් සරසා ඔහු විසින් ගෙන්වා ගන්නා ලද බ්‍රාහ්මන ඇදුරන් කීප දෙනෙක් යොදවා තමාගේ ඇඳුමින් අඩක් ඔවුන්ට අන්දවා කල රංගනයෙන් හාස්‍යෝත්පාදක ජවනිකා දැක රජුට සිනහ පහලවී දිවිදෝශය දුරු විය. මින් මතුවට මෙවැනි උවදුරු දුරු කිරීමට සුදුසු දේව මණ්ඩලයක් පත් කර කොහොඹ ගසක් යටදී එහි ප්‍රධානියා වශයෙන් අලුත් කොහොඹා දෙවි පත් කර පරණ කොහොඹ, මහකොහොඹ, ඉරුගල්බන්ඩාර, කන්දෙ බන්ඩාර, කලු බන්ඩාර, මෙලෙයියකා, කඩවරයකා, වැදියකා යනුවෙන් නවදෙනෙක් ඇතුලත් කර ඔවුන්ට මලය රජු සතු බලතල කිහිපයක් පවරාදී ආපසු ගියේය. ඉන්පසු එතැන් පටන් අද දක්වා කොහොඹායක් කංකාරි ශාන්තිකර්මය පවත්වයි.
(තොරතුරු , ගුරුවරු හා පොත්පත් ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)
ප්‍රධාන මූලාශ්‍රයන්
දිසානායක මුදියන්සේ: සිංහල නර්තන කලාව: ඇස් ගොඩගේ සහ ප්‍රකාශකයෝ: කොළඹ 10; 1995
ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන
විශේෂවේදි ප්‍රථම වසර
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
Good article 👍
ReplyDeleteBest👌👌
ReplyDeleteBest
ReplyDelete