අතීතයේ අපේ ගැමියන් විවිධ කරදර බාධක වලට මුහුණ දුන් අවස්ථාවලදී ඒවා සමනය කර ගැනීමට විවිධ යාග හෝම පවත්වා ඇත. එවැනි යාග හෝම කටයුතු වලදී ඔවුන් අතින් නිමවුනු ගීත ශාන්තිකර්ම ගීත ලෙස හැදින්විය හැකිය. අපල උපද්‍රව දුරුකර ගැනීම ග්‍රහ දොස් දුරුකර ගැනීම රෝග ආබාධ සමනය කර ගැනීම යක්ෂ ප්‍රේත ආදීන්ගෙන් සිදුවන බාධක දුරුකර ගැනීම වන සතුන්ගෙන් ඇතිවන හානි දුරුකර ගැනීම හා සශ්‍රීකත්වය අරමුණු කරගෙන නිම වී ඇති ශාන්තිකර්ම ගී බොහෝමයක් වර්තමානයේ පවතී. ඕනෑම ශාන්තිකර්මයක අරමුණ එකක් උවද ඒ ඒ ප්‍රදේශ වල භාවිත කරන ස්වරූපය අනුව ප්‍රාදේශීය වශයෙන් විවිධ වෙනස්කම් දක්නට ලැබේ. මේ අනුව ශාන්තිකර්ම ගීත කොටස් 03කට වර්ග කල හැකිය.
1) උඩරට ශාන්තිකර්ම ගී
2) පහතරට ශාන්තිකර්ම ගී
3) සබරගමු ශාන්තිකර්ම ගී
ඒ ඒ ප්‍රදේශ වලට ආවේනික වූ ප්‍රධාන ශාන්තිකර්ම දක්නට ලැබේ. උඩරට ප්‍රදේශයේ භාවිත කරන ප්‍රධාන ශාන්තිකර්ම වන්නේ කොහොඹා කංකාරීය, ගම්මඩු ශාන්තිකර්ම වේ. එම ශාන්තිකර්ම රාත්‍රියේ අරඹා පසු දින පහන් වන තුරුම විවිධ ගායනා විවිධ නර්තන වෙනත් සංස්කෘතික උපාංග භාවිත කරමින් මෙම ශාන්තිකර්ම සිදු කෙරේ. මෙම ශාන්තිකර්ම සඳහා උඩරට ගැටබෙරය, හොරණෑව, හක්ගෙඩිය යොදා ගනු ලබයි.
දෙවොල්මඩු ශාන්තිකර්ම 18 සන්නිය, ගිරිදේවි ශාන්තිකර්මය, රිද්දි යාගය, ගරා යකුම පහතරට ප්‍රදේශයේ භාවිත ශාන්තිකර්ම වේ. මේ සඳහා දෙවොල් බෙරය, හොරණෑව හක්ගෙඩි, තාලම්පට, අත්මිණිය යන සංගීත භාණ්ඩ යොදා ගනු ලබයි.
පහන් මඩු ශාන්තිකර්මය, කිරිමඩු ශාන්තිකර්මය ආදී ශාන්තිකර්ම සබරගමු පළාතේ භාවිත කරන ශාන්තිකර්ම වේ. මේ සඳහා ප්‍රධාන අවනද්ධ භාණ්ඩය ලෙස දවුල යොදාගනු ලබයි. මේ ආකාරයට ශාන්තිකර්ම ගීත සඳහා ද ඒ ඒ ශාන්තිකර්ම වල අවනද්ධ භාණ්ඩ උපයෝගී කර ගනු ලබයි.
පොදුවේ ගත් කල ශාන්තිකර්ම ගීත වල පහත සඳහන් ලක්ෂණ දැකිය හැකිය.
සියළු දෝෂාංධකාරයන් දූරීන් භූතං තීන්දුයි......
නිවාරණයි ආයුබෝ ආවඩා........
- මඩුපුරේ පූජා විධියේදී යක්දෙස්සන් පොල් මලේ හනස්ස ගලවා එය දෝතින් රැගෙන කවි ගායනා කොට නර්තනයේද යෙදේ.
රන් ඉනිමග ගසට තබා - නැගී සක්‍ර දෙවිදු සුබා
මල කපමින් හෙමින් බබා - ගෙනා සැටිය අසව් සුබා
රජ කුලයට මොන මලදෝ - බමුණු කුලට මොන මලදෝ
වෙළෙද කුලට මොන මලදෝ - ගොවි කුලයට මොන මලදෝ
- කොහොඹා කංකාරියේ එන අස්නේ නැටුමේද යක්දෙස්සන් පොල් පන්දමක් හා හී ගසක් අතැතිව නර්තනයේද යෙදෙමින් කුවේණි අස්නද ගායනා කරයි.
සිංහපුරවර සොදා -රජ ඉසුරු විදවීදා
කර නොමනත් සදා - නැව් නැගී යනදා
4) විවිධ ඇදුම් පැළදුම් භාවිතය වෙස් මුහුණු භාවිතය වැනි සංස්කෘතික ලක්ෂණ පවතී.
කොහොඹා කංකාරියේදී යකැදුරන් වෙස් ඇදුම් කට්ටලය පමණක් වුවද පහතරට සබරගමු ශාන්තිකර්ම වලදී තෙල්මේ ඇදුම් කට්ටලයත්, පබළු ඇදුම් කට්ටලයටත් අමතරව විවිධ රංග වස්ත්‍රාභරණ හා ඇතැම් වෙස් මුහුණු ද භාවිත වේ.
5) රාත්‍රී කාලයේ දී යාගහෝම පැවැත්වීම.බලි
ශාන්තිකර්මයක ප්‍රධානම ලක්ෂණය වන්නේ බලි රූ කර්මාන්තයයි. එහි විශේෂත්වය අනුව බලි
කොටස් 2කි.එනම් ඇඹුම් බලි හා රූප බලි වේ. මෙම බලි රූ සඳහා විවිධ ගායනා තිබේ.
දියත් නා පිරුවටත් අදිමින් නොයෙක භෝජන බුදිමිනා
වියත් බරනැග පුළුල අඩු කොට සිව් වියත් මැන පුළුලිනා
දියත් නා මැටි අනා සුවදින් කසා වස්ත්‍ර බරණින් ගෙනා
කියත් පෙර සිට පැවති සිරිතකි නව ග්‍රහයින් නව දෙනා
7) නාදමාලා පදමාලා සරල බවින් යුක්ත වීම.
- දෙවොල් මඩුවේ එන තොරන් යාගයේ ගායනා
එකල් පෙර දවසා - සේරමාන් රජුගේ සිරසා
ලෙඩක් වුණ විලසා - එදා ගම්මඩු ගත්තු එනිසා
- ශුද්ධ මාත්‍රයේ එන ගායනා
මෙලෙසින් මල් මද දේවියේ - යුධයට කොඩි බැද ඒවියේ
මගෙ සකියනි නුඹ පාවියේ - සබ නැටුවා මා දේවියේ
8) අත්වැල් ගායනය භාවිතය.
ශාන්තිකර්මයක් පවත්වනුයේ දින ගණනාවක උත්සහයකින් මහන්සියකින් වේ. එහිදී ආවතේවකරුවන්ට මෙන්ම යක්දෙස්සන්ටද අවසන් ශාන්තිකර්ම රාත්‍රියේ විඩාවෙන් තෙහෙට්ටුවෙන් සිටී. එකී කායික පීඩාවෙන් ශාන්තිකර්ම පූජාවිධියන්හි එන ගායනා මෙන්මද නර්තනයේ යෙදෙමින් කෙරෙන ගායනාද එක පෙළට ගායනයට අපහසුය. එහිදී කණ්ඩායම් වශයෙන්ද පාරම්පරික එන ගුරුකුල ශිල්පීන් නම් පරම්පරාවට ශිල්පය පැවරීමටද අත්වැල් ගායනය යොදා ගනී.
9) මෙම ගීත සඳහා බහුල වශයෙන් බුදු ගුණ දේව ගුණ ස්තෝත්‍ර යොදා ගෙන තිබීම.
- කොහොඹා කංකාරියේ එන දෙවියන් වැඩමවීම සඳහා ගායනයකි.
වීරමුණ්ඩ දෙවියෝ වඩින්න
සන්ධි නහර චලිත වන්ට
සියලු රෝග දුරු කරන්ට
මල් කෙලියට වරම් දෙන්න
- බලි ශාන්තිකර්මයේ එන බුදුන්ට දෙවියන්ට කෙරෙන ගායනා
අහස ඉර හඳ පොලොව තුල මහ සක්‍ර බඹු දෙව් වරම්
සියළු දෙවිවරු මව්පියන් සහ ගුරුන් හට වේ ජය මගුල්
බැතින් සිහිකර සියළු දෙවිවරු දුන්න වරමින් ජය මගුල්
මෙරඟ මඩලේ ශිල්ප පෑමට දෝස හැර වේ ජය මගුල්
අරුණ වේලේ බුදුව මුණි රජ දම් දෙසූ ජය මංගලම්
වරුණ පරසතු මදාරා මල් අටමිටක් පිදු මංගලම්
දරුණ වසවතු ධර්ම බලයෙන් දුරු කරපු ජය මංගලම්
ඉරුගෙ අපලය එමුණි බලයෙන් දුරුවේවා ජය මංගලම්
ශාන්තිකර්ම ගී වර්ග මේ ආකාරයෙන් දැක්විය හැකිය.
- කොහොඹා කංකාරියේ එන ගායනා අංග
අස්නය කඩතුරා
යක්යම් මඩුපුරේ
යාතිකාව මල් යහන්
සිරසපාද කෝල්මුර
අයිලේ යැදීම පේබත් යැදීම
කවි පස් පන්තිය කොහොඹා හෑල්ල
දෙවියන්ගෙ කවි කීම
- දෙවොල් මඩුවේ එන ගායනා අංග
අඹ විදමන මල් යහන්
දෙවොල් නැටීම තොරන් යාගය
දෙයිරන් පාවාදීම
- පහන් මඩුවේ එන ගායනා අංග
මඩුපුරය කෝල්මුර
තෙල්මේ නැටුම මල් යහන් නැටීම
තොරණ දැක්වීම දෙවියන්ගේ කවි කීම
- සන්නියකුමේ එන ගායනා අංග
මල් යහන් කවි කීම යකුන්ගේ පිදවිලි කැප කිරීම
මරු දැපවිල්ල කුමාර පෙළපාලිය
යකුන් පලවා හැරීම ආතුර සෙත් කිරීම
මංගල වස්තූන් දෙපය තැබීමේ කවි කීම
- බලි ශාන්තිකර්මයේ එන ගායනා අංග
කඩතුරා ඇඹුම් කවි
පිරිත් හුය ග්‍රහපන්ති
බලි මඩුපුරේ හිං හතරේ කවි
- සූනියම් යාගයේ එන ගායනා අංග
මෙම ගායනා ශ්‍රවනයෙන් ආතුර මනසද, ප්‍රේක්ෂකයින්ගේද මනසටද සුවයක් ලැබේ. ඒමන්ද යත් එකී ගායනා වල සුමුදුර භාවයටද, දෙවියන් බුදුන් ගැන කියැවෙන ශ්ශෝත්‍ර තුල දෙවියන් බුදුන් භූමියට වැඩමවා ඇතැයි කියා තිබෙන විස්වාසයටද මානසික සුවයක් ලබයි. ශාන්තිකර්ම ගී තුලින් ආතුරයට මනාවූ සුවයක් මෙමගින් ඇතිකරන බවට මාගේද මතයයි.
වියැකී යන පාරම්පරික වටිනාකම් යලි ගෙන ඒමට ඔබ දරන උත්සාහය ඉතා අගය කරමි. සැබැවින්ම වටිනා සටහනක්.
ReplyDeleteTHANKU...
Delete👍
ReplyDelete😍😍
ReplyDelete👍👍
ReplyDeleteGreat
ReplyDelete👍👍
ReplyDelete👍👍
ReplyDeleteSuper wadak dr
ReplyDeleteසුපිරි 😘💖
ReplyDelete🤟👍
ReplyDelete🖤🖤🖤🖤
ReplyDelete👍
ReplyDelete👍👍👍👍
ReplyDelete🤜🤜🤜🤜🤜🤜🤜🤜
ReplyDelete👍👍
ReplyDelete👍❤
ReplyDeleteGood work 👌
ReplyDeleteGodak lassanaiiiii
ReplyDeleteNiyamai
ReplyDelete👍👍❤
ReplyDelete🤩
ReplyDeleteBest
ReplyDeleteBest
ReplyDelete