Friday, October 2, 2020

ශාන්තිකර්මය යන්න........


            ලක්දිවට බුදුදහම රැගෙන මිහිදු හිමියන්ගේ සම්ප්‍රාත්තිය සිදු වීමෙන් පසු එය ප්‍රධානතම ආගම බවට පත්විය. නමුත් මීට පෙර ආදී මීමුතුන් මිත්තන් ඇදහූ ජන ආගමක් විය. අතීතයේ ඔවුන් ඉර, හද, ගස්, ගල්, අව්ව, වැස්ස වැනි ස්වාභාවික සංසිද්ධීන් තේරුම් ගැනීමට උත්සහ කලත් එසේ නොහැකි වූ කල ඒවා තුල කිසියම් බලයක් පවතින බව විස්වාස කලේය. එම බලය ජන ජීවිතයට යහපත්වත්ම අයහපත් ආකාරයෙන් ප්‍රතිඵල ගෙන දෙන බවත් යහපත් බලවේග දෙවියන් ලෙසත්, අයහපත් බලවේග යකුන් ලෙසත් සලකා වැදුම් පිදුම් කලහ. එසේ කල යුත්තේ නැටුම්, ගැයුම්, වැයුම් මාර්ගයෙන් බව පිලිගෙන ඒ හරහා පූජා විධි රටාවන් සකස් කොට ඇත. එවැනි අවස්ථා ශාන්තිකර්ම ලෙස හදුනාගත හැකිය.

දුර අතීතයේ සිටම ගැමියන්ගේ ලෙඩදුක් දුරුකරවා ශාන්තියක් යහපතක් කිරීම සදහා යොදා ගන්නා මානසික හා කායික ප්‍රතිකර්ම විදියකි.එය සිංහල ආයුර්වේද ක්‍රමයට අනුව භූත විද්‍යව නමින් සැලකේ. ශල්‍යා,ශාලාක්‍යා,කාය චිකිත්සා,භූත විද්‍යා, කෙමාර ශාත්‍යා,අගද තන්ත්‍රා,රසායන තන්ත්‍රා,වජීකරණ තන්ත්‍රා යන අශ්ඨාංග ආයුර්වේදයේ සිව්වන ස්ථානයෙහි ලා එයට ප්‍රධාන තැනක් හිමි වේ. පහතරට,උඩරට,සබරගමු සම්ප්‍රදායන් තුනෙහිම ශාන්තිකර්ම පැතිර පවතී.

එම ශාන්තිකර්ම පැවැත්වීමට හේතු කිහිපයක් පවතී. එනම්,

  • ගමට රටට සෙත් පතා පැවැත්වීම
  • සෞභාග්‍ය සශ්‍රීකත්වය අරභයා පැවැත්වීම
  • දරුවන් නොමැති කාන්තාවන්ටදරුවන් ලබා ගැනීම සදහා පැවැත්වීම
  • ගවමහීෂාදීන් ආරක්ෂා කර ගැනීම සදහා  පැවැත්වීම පැවැත්වීම
  • ලෙඩ රෝග වලින් මිදීම සදහා  පැවැත්වීම
  • ග්‍රහ දෝෂ දුරු කර ගැනීම සදහා  පැවැත්වීම
  • අණ වින කොඩි වින නැති කිරීම සදහා  පැවැත්වීම වේ

 

මෙම ශාන්තිකර්ම වර්ගීකරණයක් දැකිය හැකිය. මෙයින් ගත් කල දෙවියන් උදෙසා සහ යකුන් වෙනුවෙන් කරන ශාන්තිකර්ම ලෙස දෙකොටසකට බෙදේ.දෙවියන් උදෙසා කරන ශාන්තිකර්ම  ලෙස,

        දෙවොල්මඩු 

        කොහොඹා කංකාරිය

        පහන් මඩු

        ගම්මඩු 

        පුන මඩු 

        ගරාමඩු 

        හෑල්ලුම් මඩු

        පහන්මඩු 

යන ශාන්තිකර්ම පත්තිනි දෙවියන් සහ දෙවොල් දෙවියන් උදෙසා සිදුකරනු ලබන ශන්තිකර්ම ගණයට අයත් වේ.එයින් අපේක්ශා කෙරෙනුයේ දෙවියන්ගෙන් ඇතිවන්නා වූ වදුරු වසංගත රෝග දුරු කරවා ශාන්තිය ළගාකර ගැනීමයි. සම්ප්‍රදායන් තුනෙහි මෙම ශාන්තිකර්ම පවත්වන විධි ක්‍රම වෙනස් වුවද ඉන් අපේක්ශා කරන ප්‍රතිපලය එක සමාන වෙයි.දෙවියන් උදෙසා කෙරෙන ශාන්තිකර්ම අතුරින්,

         බලි ශාන්තිකර්ම 

දෙවියන් හා ග්‍රහයින් උදෙසා කරන විශේෂ ශාන්තිකර්මයක් ලෙස සැලකිය හැක.බලි නිර්මාණ සැරසිලි ක්‍රම නර්තන විලාශ වෙනස් වුවද එයින් බලාපොරොත්තු වන ශාන්තිය ඉහත සදහන් සේම එක ගණයෙහිලා සැලකිය හැකිය.

එහිදීද ගායන විධි යකුන් උදෙසා කරන ශාන්තිකර්ම සිංහල ගැමි බෞද්ධයන් අතර පවතින ඇදහිලි විශ්වාස අනුව යකුන් පිළිබඳ පුදපූජා රාශියකි. විශේෂයෙන් පහතරට ප්‍රදේශයෙහි මාතර බෙන්තර ගුරුකුලයන්ට ආවේනික යකුන් උදෙසා කෙරෙන ශාන්තිකර්ම ලෙස,

        තොයිල් 

        සන්නි යකුම 

        රට යකුම 

        මහසෝන් සමයම 

        කුමර සමයම 

සූනියම් ශාන්තිකර්මය ආදී නම් වලින් ප්‍රචලිතව ඇත.පහතරට සම්ප්‍රදාය ගත් කල එය නැවතත් ගුරුකුලයන් තුනකට බෙදී පැතිර පවති.
 

01. බෙන්තර ගුරුකුලය
02. මාතර ගුරුකුලය
03. රයිගම ගුරුකුලය

 
මෙම ගුරුකුල තුනෙහිද ශාන්තිකර්ම පැවැත්වීමේදී එක් එක් ගුරුකුල වලට අයත් ආවේනික විශේෂතා ලක්ෂණ පවති. එයිනුත් බෙන්තර සහ මාතර යන ගුරුකුල දෙකෙහි සන්නියකුම,රටයකුම,සූනියම් ශාන්තිකර්මය විශේෂ තැනක් හිමිකරගන්නා අතර රයිගම සම්ප්‍රදායේ එම ශාන්තිකර්ම පැවතුනත් විශේෂ ස්තානයක් හිමිවන්නේ මඩු ශාන්තිකර්මය සදහාය.

යකුන් උදෙසා කරන ශාන්තිකර්ම වලදී, 

        කලුයකා 

        රීරියකා 

        තොටයකා 

        අභිමානා 

        සන්නියකා 

ආදී යකුන්ගෙන් භූත භය සහ ඇල්ම බැල්ම දුරුකර ශාන්තියක් ලගාකර ගැනීම සදහා මෙම ශාන්තිකර්ම පවත්වන අතර මෙහිදී සූනියම් යකා පිළිබඳව විශේෂ අවදානයක් හිමි වේ.


 විවිධ ශාන්තිකර්ම පිළිබද පුළුල් පැතිකඩක් සමගින් පසුව හමුවෙමු.


 

13 comments:

  1. නියමයි සරෝජා..මේ ගැන ඉගෙන ගන්න අයට,හොයන අයට ගොඩක් වැදගත් කරුනු දැන ගන්න පුලුවන්..ජය වේවා...

    ReplyDelete
  2. ඉගනගන්න අයට ගොඩක් වැදගත් දෙයක්..ගොඩක් වැදගත් විස්තර තියනවා..ඉස්සරහටත් මේ වගේ හොඳ දේවල් කරන්න..congratulations සරෝ...

    ReplyDelete
  3. Niyamay bn wadagath karunu godak thiyanaw

    ReplyDelete
  4. ඉතා හොඳ වැඩක්.ශාන්තිකර්ම ගැන ඉගෙන ගන්න අයට හොඳ අත්වැලක් මෙමඟින් ලැබේවි

    ReplyDelete
  5. ඉතා හොඳ වැඩක්.දේශීය ශාන්තිකර්ම ගැන ඉගෙන ගන්න අයට හොඳ අත්වැලක් මෙමඟින් ලැබේවි.

    ReplyDelete
  6. ලස්සන වැඩක්...❤️👌

    ReplyDelete

පහතරට බෙරයේ වගතුග

සිලින්ඩරාකාර හැඩයෙන් යුත් මෙම බෙරය පහතරට නොහොත් රුහුණු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන අවනද්ධ භාණ්ඩය වේ. පහතරට බෙරය, රුහුණු බෙරය, දික් බෙරය, ඝෝෂක ...