Wednesday, October 21, 2020

රඟ මඩලේ රංග වස්ත්‍ර

 

ශිල්පියෙකුගේ රංගවස්ත්‍රභාරණ අයත් වන්නේ ආහාර්ය අභිනයටය. රංගවස්ත්‍රභාරණ මගින් නළුවාගේ භාහිර රූපය අලංකාර කෙරේ. චරිතයක කාල දේශ හා සමාජත්වය හා ස්ත්‍රී පුරුෂභාවය වෙනස් කිරීමට රංගවස්ත්‍රභාරණ වලට හැකි වේ.

කොහොඹා කංකාරියේ එන උඩරට වෙස් ඇඳුම් කට්ටලය සාම්ප්‍රදායික ඇඳුම් කට්ටලයකි. වෙස් ඇඳුම් කට්ටලය දුටු විගස උඩරට නර්තනය සම්ප්‍රදායේ ශිල්පියෙකු ලෙස ඕනෑම අයෙක් හඳුනා ගනී. කාලාන්තරයක් තිස්සේ පැවතෙන යම් දෙයක් වේද එය සම්ප්‍රදාය ලෙස හඳුන්වයි.දේශීය ජනයා වෙස් ඇඳුම් කට්ටලය දීර්ඝ කාලයක් තිස්සේ උඩරට නළුවාගෙ ඇඳුම බව දැන සිටියි. උඩරට නර්තනය  තාණ්ඩව නම් ලක්ෂණයෙන් යුක්ත වේ. උඩරට නර්තනයේ තාණ්ඩව ලක්ෂණය තීවූර කර ගැනීමට වෙස් ඇඳුම් කට්ටලයට හැකිවී ඇත. වෙස් ඇඳුම් කට්ටලය වනාහි මලය රජුගේ ඇඳුමේ අර්ධයක් බව විස්වාසයයි. ඒ අනුව රාජකීය තේජස මැවීමට ඉන් හැකි වී ඇත. උඩරට නර්තනයට අදාළ චලන සඳහා ඇඳුම් කට්ටලයෙන් බාධාවක් නොවීමටද ශීල්පීහු වගබලා ගෙන ඇත. එමෙන්ම චලනයන්ගෙ විචිත්‍රවය රැක ගැනීම සඳහා අවධානය යොමු කර ඇති බව පෙනේ.

සිරසේ පළදින ජටාව චෛත්‍යය ආකාරයෙන් යුක්තය. ජටාව ආධාර කොට ඒවටා කැරකෙන ජටා රැලි සුන්දර බවක් ගෙන දේ. පායිම්පතෙහි වන ගිණි සිළුමෙන් දිස් වන කැටයම්ද ශිඛා බන්ධනයෙන් සහ නෙත්තිමාලයෙහි වන කැටයම්ද චමත්කාර වේ.දෙකනෙහි තෝඩුපත් විචිත්‍ර කැටයමින් යුතු වේ. මේවා සකස් වී ඇත්තේ රිදී වර්ණයෙනි. එබැවින් යටිකයෙහි වන අනෙකුත් ඇඳුම් සමඟ මැනවින් ගැලපීමක් සිදුවේ. හඟල යටිකයෙන් පිම්බුන ස්වාභාවයක් ගෙන දේ. දෙපසෙහි වන නරු රංගන කාර්ය්‍යට දායක කර ගත හැකිය. ඒ අනුව උඩරට ශිල්පියාගෙ රංග වස්ත්‍රාභරණ හුදු ඇඳුමක් පමණක් නොව රංග කාර්ය්‍යට දායක කොට ගත හැකි ලෙස සැකසීම විශේෂත්වයයි.

වෙස් ඇඳුම් කට්ටලය සම්බන්ධයෙන් කියැවෙන සිව් පද පහත දැක්වේ.

සකසා සුදින් අරගෙන සළු තුරුල්ලා

සකසි ඒ දිගුකර එල්වති දෙවල්ලා

සකසා අඹා අරගෙන හඟල වල්ලා

අඳිනා වත දැනගනු මේ සියල්ලා

 

අඳිනා වත දැන ගන්න යක්දෙස්සනි ගරු

අඟලක් පමණ පෙති පන් සැටක් බිඳ හැරු

සතඟුල් නාඩු බව දැන ගන්න සෙසු නරු

අඳිනා වත දැන ගන්න හැම මේ සිව් නරු

 

පහතරට ඇඳුම් කට්ටල කිහිපයක් භාවිතා වේ. එයින් දෙවොල් ඇඳුම් කට්ටලය ප්‍රධානතම කට්ටලය වේ. එහි උඩුකය හැට්ට ආදියයි. දෙවොල් හැට්ටය දුටු විගස සම්ප්‍රදාය හඳුනා ගත හැකි වනවා සේම හැට්ට භාවිතය පහතරට නැටුමේ වන ලාස්‍ය ලක්ෂණ ඉස්මතු කිරීමට අවැසි වේ. ඉන් නම්‍ය වන්නේ විචිත්‍රවයට රංග වස්ත්‍රාභරණ දායක වන බවයි.

රිද්දි යාගයේ ඇඳුරා ස්ත්‍රී වේෂයෙන් සැරසේ.විශේෂයෙන් ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා ගනිමින් කලාත්මක ලෙස සකසා ඇති ආභරණ එම යාගයටම අනන්‍ය වූවකි. පිරිමි ඇඳුරන් ගොක්කොළ වලින් වරලස අරුන්ගල් නලල්පට පලදී. අත් කොට හැට්ටය ඇඳ පිරුවට ඇඳ රතු පටියකින් වෙලා කරට මාල අතට වලලු පැලඳ මුහුණතෙහි වත්සුදු තවරා ගනී. මෙලෙස යාගයේ අ‍භිප්‍රේතාර්ථයට උචිත ලෙස රංග වස්ත්‍රාභරණ සකසා ගැනීමට ඇඳුරෝ සමත් වූහ.

දහඅට සන්නියේ ඇඳුරෝ වෙස් මුහුණු පලදී. කොළ අතු වස්ත්‍ර හා කළු ඇඳුම් ඇද යාග භූමියට ප්‍රවේශවත්ම සන්නියකුන් බව හැදිනගන්නේ රංග වස්ත්‍රාභරණ තුළින්ය. රෝග මූලික යක්ෂ ස්වරූපය පමණක් නොව යක්ෂා වේෂය ගෙන දෙන චලනය සඳහාද ඔවුන්ගේ ඇඳුම වැදගත් වී ඇත. 





පහන් මඩු ශාන්තිකර්මය එන නොහොත් සබරගමු ප්‍රධාන ඇඳුම් කට්ටලය වන්නේ පබළු ඇඳුම් කට්ටලයයි. පබළු මගින්ද සම්ප්‍රදාය මෙන්ම සම්ප්‍රදායේ විචිත්‍රවත් චලන සඳහාද වැදගත් වන සාධකයක් වූයේ ඇදුම් කට්ටලයයි.

 

රඟ මඩලේ රංග වස්ත්‍ර සුවිශේෂි වන කරුණ කිහිපයකි. එනම්

  • ·         ස්ත්‍රීන්ට ස්පර්ශ කිරීමට පවා තහනම් වූවක් ලෙස මෙම ඇඳුම් කට්ටල පිරිමින් පමණක් පැළඳ ගනී.
  • ·         සාම්ප්‍රදායික ඇඳුම් කට්ටල  ශාන්තිකර්ම භූමියට පැළඳ ඒමට පෙර පේවස් කරනු ලබයි.උඩරට ශාන්තිකර්මයේ හඟල යැදීම ඊට කදිම නිදසුනයි.
  • ·         බුදුන් දෙවියන් වැඩම වූ  යහන් තුල ශාන්තිකර්ම වස්ත්‍ර පවිත්‍ර කොට තබා ආශිර්වාද ලබා ගනී.
  • ·         ශාන්තිකර්ම ඇදුරෝද ඇඳුම් කට්ටල පැළදීමට පෙර මාස ගණනාවක් මුළුල්ලේ පේවස් සමාදම් වේ. පිලී ජාති නොකෑමෙන් ද කිලි තැන්වලට ද නොයමින් පවිත්‍ර වේ.
  • ·         ඇදුරා දෙහි නොහොත් නානු කහදිය හිසේ ගා ඇගේද ගල්වා ස්නානය කර පේවීම සිදු කරයි.
  • ·         එමෙන්ම ඇදුරෝ බුදුන් වැද දෙවියන් වැද ආශිර්වාද ගෙන ඇඳුම් කට්ටලය පැළද ගනී.
  • ·         සියලුම රංග වස්ත්‍ර සුදු රතු කළු නිල් වැනි පවිත්‍ර වර්ණ වලින් යුක්තය.
  • ·         ආතුරයාගේ මනසට මහත් සැහැල්ලුවක් මෙන්ම ප්‍රබල පණිවිඩයක් ලබා දීමට සමත් වේ.
  • ·         රඟ මඩලට පහන් ආලෝකයට ගැළපෙන රංග වස්ත්‍ර හා වර්ණ භාවිතය තුළ ප්‍රේක්ෂක ඇසට සමීප බවක් ලබා දීම. යනාදිය වේ.

 
 

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදී ප්‍රථම වසර

ජනසන්නි‍වේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය 

 

 

Friday, October 16, 2020

 

වඩිග පුර දේසෙන් -  සත්දෙන බමුණෝ ඇවිදින්

කල වඩිග පටුනෙන් - එදා බිසවට යාග කරමින්................

 

 

 

 

සිංහල ශබ්ද කෝෂයෙහි ග්‍රහ අපල දුරු කිරීම සඳහා කරනු ලබන යාග විධිය නැතහොත් මන්ත්‍ර ගුරුකම් ආදියෙන් කරනු ලබන සෙත් සැලසීමේ ක්‍රියාවලිය ශාන්තිකර්මයක් ලෙස හදුන්වා දිය හැකිය. පහතරට ප්‍රදේශ වල ප්‍රචලිතව පවත්නා ශාන්තිකර්ම අතර අභිචාර කර්ම බහුල වූවත් සූනියම් යක්ෂයා, සූනියම් දේවතාවා ප්‍රධාන වූවත් යක් තොවිල් ක්‍රමය සූනියම් යාගයයි.සූනියම් කැපිල්ල, සූනියම, වින ශාන්තිය, මැණික්පාල ශාන්තිය, ඔඩ්ඩිස යාගය ආදී විවිධ නාමයන්ගෙන් මෙම ශාන්ති කර්මය හදුන්වයි.

සූනියම් යාගයේ එන ප්‍රධාන ම නාට්‍යය පෙළපාලියක් ලෙස වඩිග පටුන හදුන්වා දිය හැකිය. වඩිග පටුනේ ඇදුරා බමුණු වේෂයකින් සැරසේ. බමුණා සිංහල බස නොදන්නා බවත් අගවයි. විවිධ භාෂා වලින් බෙර වාදකයා සමග අදහස් ප්‍රකාශ කර ගනියි. මෙහිදී වැරදී ආකාරයේ පරිවර්තන ආදියෙන් හාස්‍යජනක බවත් ඇති කරවයි. වඩිග බමුණා අභ්‍යන්තර හා භාහිර යන දෙයාකාරයෙන්ම සමාරෝප වේ. බමුණාගෙ අතෙහි පොතක් ද කුඩයක් ද ඇත. තලප්පාව බැඳ, කණ්නාඩි කුට්ටමක් පැළඳ, පූන නූලක් ද කරවටා දාගෙන, ගවුම් ඇඳ රැවුල් පැළඳ බමුණු වේෂයකින් යාග භූමියට පැමිණේ.


ඇදුරා වීදිය පිටුපස සිට මතු වී එක්තරා මුද්‍රාවක් පා නික්ම යයි. අනතුරුව කෙටි කවි ගායනා කරමින් යාග භූමියට පැමිණේ. පාත්‍රයා හදුන්වා දීමට ද කෙටි කවි භාවිත කරන අතර අනතුරුව සංවාද ආදිය ඉදිරිපත් කෙරේ.

බමුණා         - මේ මනුස්සානං ලංකා දොරටු භාසං නත්ථි

ඇදුරා           - ඔන්න ඔය දොර මුල්ලෙන් අයින් වෙයල්ලා 

ගුරුන්නාන්සේ- දොඩවන භාෂාවක් නැද්ද කියලයි අහන්නේ  

වඩිග පටුන මෙම යාගයේ එන ප්‍රේක්ෂක සිත් ගන්නා නැටුමකි. පහතරට නැටුමේ පවත්නා විවිධ සරල කවි තාලයන්ගෙන් සමන්විත නැටුම් කොටසක් මේ සඳහා යොදා ගෙන ඇත.මැණික්පාල බිසවට වසවර්ති මාරයා විසින් කරන ලද සූනියම දුරු කිරීමට වඩිග රටින් බමුණන් පැමණි බවත් ඔවුන් එම රෝගය දුරු කල බවත් පුරාවෘත්ත වල සඳහන් වේ. එදා ඒ බමුණන්ගේ පැමිණීම අනුකරණය කොට සිහිපත් කරමින් වඩිග පටුන මේ ශාන්තිකර්මය හා සම්බන්ධ වේ.

වඩිග පටුන කීපයක් ඇත. වඩිගයන් යනු වඩිග දේශයෙන් පැමිණි බමුණන් කොටසකි. වඩිග දේශයේ ප්‍රාන්තයක වඩිග රටේ උපන් බමුණන් විසින් ලියන ලද පොත්වලට පටුන යැයි යකැදුරෝ කියති. මේවා රාම වඩිග පටුන දෙමළ වඩිග පටුන දේව වඩිග පටුන ගිනි වඩිග පටුන යනුවෙන් කිහිපයකි. මේවායේ ද්‍රවිඩ භාෂාවෙන් පබැදුණු මන්ත්‍ර, ශ්ලෝක ආරාධනා ආදිය ඇතත් වර්තමානයේ  වඩිග පටුන නැටීමට පමණක් සීමා වී තිබේ. වඩිග පටුනට එන යකැදුරෝ පාලි භාෂාවෙන් කථා කරති. මෙම කතාවේ එන දෙබසක අර්ථ විවරණ තුන් ආකාරයකින් සිදු වේ. ඒ

1 බමුණා යමක් පාලියෙන් කීම

2 බෙරකරුවා එය සිනහවට ලක් කිරීම

3 තුන්වැන්නෙක් එය සිංහලයට නැගීම වශයෙනි,

සූනියම් යාගයේ එන නැටුම් අංගයක් වූ මෙම නැටුම හා සමාන වෙනත් නැටුමක් සිංහල නැටුම් අතර දක්නට නොමැත.

රාම වඩිග පටුනට අයත් කවි

වඩිග පුර දේසන       - සත් දෙන බමුණ  ඇවිදින

පෙර වඩිග පටුනෙන - එදා නිරිඳුට යාග කළ දින

 

ගුරු කලිගු භාසෙන  - කට්ටඩි දෙමළ    භාෂෙන

ගුරුලාසි භාසෙන      - එදා යාගය ක‍ළෝ මෙලෙසින

 

පෙර කීම දෙමළෙන   - එළු කර සංස්කෘතයෙන

කිවි බ්‍රහ්ම භාෂෙන    - වඩිග බාසෙන් කිව්ව මෙලෙසින

 

නරලොව රකින්නට   - දෙවියෝ උපත සැදූවිට

වඩිගපුර දේසෙට        - වනයි මේ ලෙස බමුණ කුලයට

 

දෙමල වඩිග පටුනට අයත් කවි

කල්ලු දෙමල දේසයෙනා - සැට රියනක් ගල් ගුහායෙනා

ඇතුන් පිටට පැන නැගුනා - මෙරට වැඩියෙ මෙම පටුනා

 

කෙම්මුර දින බලා ගෙනේ - පොතු පට්ටා ඇඳ ගන්නේ

සුදු රිදියෙන් පහන ගෙනේ - පුදා පොතට වැඳ බැතිනේ

 

දේව වඩිග පටුනට අයත් කවි

ඉර සදේ දෙවියෝ - සක්වල තුනේ දෙවියෝ

නව ග්‍රහ දෙවියෝ - වඩිග පටුනෙන් අසන් දෙවියෝ

 

යෝගී බමුණු සත්දෙන සිටගෙන පේවී

පේනු රජුට කල අන වින දොස   දුරුවා

මාත්‍රා ශනිට සිය ගත වින සලිත   වෙවී

ඇසුව වඩිග පටුනේ කවි සියලු        දෙවී

 

වඩිග පටුනෙහි පද කීපයක් සහ ඊට අදාළ ගායනා කිහිපයක් පහත දැක්වේ.

දොංත ගතං ගත් දෙගත් ගතකු දොං

සත් බඹ රිසිවර ගෙන සිට ගෙන

විෂ්ණු මහේෂ්වර සිට         ගෙන

සතර වරම් දෙවි සිට          ගෙන

වඩිග පටුන කවි              පවසන

 

දෙගත් ගතකු දොං 

දිලෙන නොගිලි කිරණ විලසින්

අනෙක භරණින් පලදිනා

දෙඅත කරවට රුදාෂ්ඨක වැල්

සිරස ජටිලය බදිමිනා

 

ඉහත දැක්වූ ආකාරයට සූනියම් යාගයේ වඩිග පටුන පෙළපාලිය සූනියම් යාගයේ විචිත්‍රවයට ප්‍රේක්ෂකයා රඳවා තබා ගැනීමටත් ආතුර මනසට ප්‍රබල මනෝ චිකිත්සාවක් ඇති කිරීමට හැකි වූ පෙළපාලියක් බව හදුන්වා දිය හැකිය.  

 

 

පහතරට බෙරයේ වගතුග

සිලින්ඩරාකාර හැඩයෙන් යුත් මෙම බෙරය පහතරට නොහොත් රුහුණු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන අවනද්ධ භාණ්ඩය වේ. පහතරට බෙරය, රුහුණු බෙරය, දික් බෙරය, ඝෝෂක ...