Thursday, December 10, 2020

දෙවොල් මඩුවේ උපත් කතාව

ඉන්දියාවේ චෝල රාජ්‍ය කාලයේ සිටි සේරමාන නම් රජුගේ උයන පාළු කරමින් සිටි ගෝනකු මරා දමන ලෙසට අණ ලද හේවායන් ඔහු පසු පස පන්නා යන්නේ ගෝනාගේ පය පැටලී අසල තිබූ රජුගේ පොකුණ තුළ වැටී මරණයට පත්වීය. තමාට මේ විපත කලේ රජතුමා බව දැනගත් ගෝනා රජු කෙරෙහි කෝපයෙන්ම මරණයට පත් වූයේ එම පොකුණෙහිම කුඩා මැඩියකුව උපනි.

දිනක් රජ තෙමේ පොකුණට යන්නේ එහි පිපී තිබූ ඉතා ලස්සන මලක් කඩා  එහි සුව‍ද ආඝාණය කලේ ක්ෂණයකින් මල යට සැගවී සිටි මැඩියා රජුගේ නාසය දිගේ මොලයට රිංගා ගියේය. මේ හේතුවෙන් ඇති වූ හිසරදයෙන් රෝගී වූ රජුට කොතෙක් ප්‍රතිකාර කලද සුවයක් අත් නොවුනි. මෙසේ කලක් ගත වන්නේ දිනක් රජුට සිහිනයෙන් ඉතා රූමත් කාන්තාවක් පෙනුණි. ඒ බව පුරෝහිත බමුණන්ට කීවේ ඔවුන්ගේ අදහස වූයේ මෙසේ සිහිනෙන් පෙනි සිටියේ පත්තිනි දේවිතාවිය බවත් ඇගේ සාපයක් රජුට ඇති බවත්ය. එහෙයින් බුද්ධාගම ස්ථාපිත රටකට ගොස් පත්තිනි දේවතාවියට පිං පැමිණ විය යුතු  බවත්ය. මීට සුදුසුම රට ලංකාව බව තීරණය කල රජු වත්තලින් දිවයිනට පැමිණ කැලණියට ගොස් බුදුන් වැද දෙවියන්ට පිං දී නවගොමුවේ දී ප්‍රථම දෙවොල් මඩුව කර වූහ. එදා පටන් රජුගේ හිසරදය දුරු වූ සේම ලංකාවේ දෙවොල් මඩුව ආරම්භ වූ බවද පුරවෘත්ත වලින් කියැවේ.  

ඇතැම් පුරාවෘත්තයක මීට තරමක් වෙනස් කතා ප්‍රවෘත්තියක් දක්නා ලැබේ. සේරමාන රජු බිසව සමග නැවකින් යද්දී මලක් කඩා සුවද ආඝාණය කල බවත් එවිට එහි තිබූ විෂ වායුවක් නිසා රෝගී වූ බවත් පසුව රජු වෙනුවෙන් දෙවොල් දෙවියන් දෙවියන්ගේ නාමයට එම නැවේ කුඹ ගසක් සිට වූ බවත් ඉන්පසු යාගයක් කර රෝගය සුවපත් වූ බවත් එහි දැක්වේ. වර්තමාන දෙවොල් මඩුවේ දක්නා ලැබෙන කාල පන්දම් ගහ සහ බිසෝ කප පූර්වෝක්ත සිද්ධිය සිහිපත් කරවන්නක් බවත් ඇතැමෙකුගේ අදහසයි. 

(තොරතුරු ගුරුවරු හා පොත්පත් මුදියන්සේ දිසානායකයන්ගේ සිංහල නර්තන කලාව ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)  

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදි ප්‍රථම වසර 

ජන සන්නාවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය


No comments:

Post a Comment

පහතරට බෙරයේ වගතුග

සිලින්ඩරාකාර හැඩයෙන් යුත් මෙම බෙරය පහතරට නොහොත් රුහුණු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන අවනද්ධ භාණ්ඩය වේ. පහතරට බෙරය, රුහුණු බෙරය, දික් බෙරය, ඝෝෂක ...