සන්නි යකුම් යාගයේ දී දක්නට ඇති තවත් විශේෂ අවස්ථාවක් නම් පාලි නැටීමයි. දහඅට සන්නිය නැටීමේදී ප්‍රාදේශීය වශයෙන් දක්නට ඇති ඇතැම් විවිධත්වයන් හේතු කොට ගෙන පාලි වල මෙන්ම සන්නි වලද නාමයන් පිළිබඳ පොදු එකගතාවයක් නැත. ඇතැම් ප්‍රදේශ වලදී යොදා ගනු ලබන පාලි තවත් ප්‍රදේශයක දී යොදා ගනු නොලබන බව පෙනේ. ඇතැම් විටෙක නොදැනුවත්කමත් අවිචාරයත් හේතු කොට ගෙන සන්නි ලෙස සලකා පාලිත් පාලි ලෙස සලකා සන්නිත් නටන අවස්ථා විරල නොවේ. බෙන්තර සාම්ප්‍රදායික සන්නි යකුම් යාගයේ දී පාලි දොලහක් ඉදිරිපත් කරනු ලබයි. එනම්
පන්දම් පාලිය
ධූප පාලිය (අඟුරු දුම්මල)
කෙණ්ඩි පාලිය
කලස් පාලිය
තැඹිලි පාලිය
කුකුල් පාලිය
බිල්ලේ පාලිය
මාළු පාලිය (පුහුල් පාලිය)
දළුමුර පාලිය
සළු පාලිය
කඩු පාලිය
දුනු පාලිය
මුගුරු පාළිය
යන ගුරුකුල හා ප්‍රාදේශීය ප්රභේදයන්ට අනුව මෙකී පාලි දොලහ පිළිබඳව පොදු එකඟතාවයක් දක්නට නැත. ඇතැම් ප්‍රාදේශීය ව්යවහාරයන්හිදී පෙර දක්වා ඇති ඇතැම් පාලි නැටුම් වෙනුවට වැදියක් පාලිය තුවක්කු පාලිය අතු පාලිය වැනි පාලි යොදා ගන්නා අවස්ථා දක්නට ඇත. මාතර සම්ප්‍රදායට අනුව පාලි දහ අටක් පිළිබඳව ඔවුන් නම් කරත් ඒ බව සනාථ වීමට මෙතෙක් කරුණු හෙළි වී නොමැති බව හා එය සන්නි දහඅටම වන බව බොහෝ දෙනාගේ පිළිගැනීම වන බව මීගම සරණිස ගුරුතුමාගේ පරපුරෙහි ප්‍රවීණ ශිල්පියකු වන විද්‍යාරත්න ප්‍රනාන්දු පෙන්වා දෙයි.පාලි නැටීම වූ කලී සන්නි යකුනට රඟමඩලට පැමිණෙන ලෙස ආරාධනය කරනු ලබන්නාවූ පූර්ව රංගයකි. බෙන්තර සාම්ප්‍රදායික සන්නි යකුම් යාගය පිළිබඳව හසළ දැනුමක් ඇති මීගම කේ ඇස් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ සන්නි පැමිණීමට පෙර ඒ සඳහා දොලහ පෙළපාලියෙන් කෙරෙන බවයි.
ඇතැම් තැනක පාලි යනු සන්නි යකුන්ගේ පිරිවර යකුන් කොටසක් ලෙසට ද සඳහන්ය. පාලි නැටීමේදී ඊට අදාළ ගායනා සහ සංවාදාත්මකව ඉදිරිපත් කරනු ලබන හාස්‍ය රසය මුසු දෙබස් කණ්ඩායන් මගින් සන්නි යකුම් වලදී සිදු කරනු ලබන්නාක් මෙන් කිසියම් තොරතුරු සමූහයක් ප්‍රේක්ෂකයා වෙත සන්නිවේදනය කරනු ලබයි. රංග කාර්යය තීව්ර කිරීම සඳහා රංග උපකරණ භාවිත කරනු ලබන අතර එකී රංග උපකරණයන් පිළිබඳව උපත් කතා පමණක් නොව ඒ හා බැඳීි වෙනත් තොරතුරු ද උක්ත සංවාද වලට අන්තර්ගතය.
අන්දම් කරුවලේ සොහොනේ සිටින්නේ
අන්දමකින් රෑ හීනෙන් පෙනෙන්නේ
රන්දම් යගදාව ගෙන කරකවන්නේ
පන්දම් පාලියට සන්නිය වරෙන්නේ
පාප රුදුරු පව් කළ යකු අසන්නේ
කීප වරක් අමු සොහොනේ උපන්නේ
පාපයකින් මව් ඇඟ මස් බුදින්නේ
දූප පාලියට සන්නිය වරෙන්නේ
එන්න විශාලා නුවරින් ගොසින්නේ
දෙන්ඩ මේ කෙලි පුද වෙන සරසන්නේ
උන්ට ඒ අට විසි මුනි අණ දරන්නෙ
කෙණ්ඩි පාලියට සන්නිය වරෙන්නේ
වලස් ගවරු අල්ලා ලේ උරන්නේ
නොලස් වමින් රෑ සිහිනෙන් පෙනෙන්නේ
සලස්ව පස් විසි මුනි අත දරන්නේ
කලස් පාලියට සන්නිය වරෙන්නේ
උපන් තිනෙත් සුත සිරස කිරුළයෙන
මෙතුන් ලොවේ සතහට කරුණාවෙන
එරන් තැඹිලි පාලිය දැක නොලසින
වරෙන් සන්නි යකු දහඅට විගසින
බිල්ල බලා සමයමේ කෙලින්නේ
බිල්ල දෙකොණ අල්ලා සැරසෙන්නේ
බිල්ල මරා පළුවක් ඉල්ලන්නේ
බිල්ලේ පාලියට සන්නිය වරෙන්නනේ
යාළු කමක් බැඳලා ලෙඩ කරන්නේ
පාළු ගමක් මැදදී ලෙඩ කරන්නේ
ගෝළු සිනා දැක කුල්මත් කරන්නේ
මාළු පාලියට සන්නිය වරෙන්නේ
බලන් අප මුනිඳු අනුහස් දරණ යකා
ඇළක් දොළක් ලඟදි ලෙඩ කරන යකා
මෙලක් සනෙන් දුන් දොල පුද ලබන යකා
බුලත් පාලියට බැස වර සන්නි යකා
සෙතට පළමු මහ බඹු සළු සලන්නේ
සෙතට පැමිණි සක් රජු සළු සලන්නේ
සතට පැමිණි හැම වස් දොස් හරින්නේ
දසට සන්නි සළු සැලුමට වරෙන්නේ
අරන් කඩුව හිස වට කරකවන යකා
නරන් දැක්පු සැණෙකින් නෙත් රවන යකා
සුරන් මෙමරු අනුහස් බලයෙන් නොයෙකා
වරෙන් මෙරඟ බැස තෙද කඩු පාලි යකා
බින්නේ මායමට පව් කළ යකුන්නේ
එන්නේ දිව කුරු මුනිඳුගෙන්නේ
පැන්නේ විසල් පුරයට තද රොසින්නේ
දුන්නේ පාලියට සන්නිය වරෙන්නේ
අඳුරු රඟමඩලයට බැස තොසින්නේ
රුදුරු යකුන් හට කෙළි පුද දෙසන්නේ
සොඳුරු මෙඅප මුනිඳුගෙ අනුහසින්නේ
මුගුරු පාලියට සන්නිය වරෙන්නේ
මෙලෙස පාලි දොලස රඟමඩලට පිවිසේ.
ප්‍රධාන මූලාශ්රයන්
පීරිස් ඥානසිරි;ශාන්තිකර්ම හා අභිචාර විධි; වාසනා ප්‍රකාශකයෝ; දංකොටුව; 2006
ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන
විශේෂවේදි ප්‍රථම වසර
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
Well 👍
ReplyDeleteGood article 👍
ReplyDelete👍👍👍👍
ReplyDeleteGreat 🥂💛
ReplyDelete👍👍
ReplyDeleteNiyamai
ReplyDelete❤❤❤Good article
ReplyDeleteBest
ReplyDeleteBest article 👍
ReplyDeleteකියවන්න හිතේ
ReplyDeleteගොඩාක් වටිනවා
ReplyDeleteBest
ReplyDelete