Friday, January 15, 2021

කිරි මඩුවේ වත ගොත

කිරි මඩුව කෘෂිකාර්මික අර්ථ ක්‍රමය ජීවන ජීවනෝපාය කරගත් දේශීය ගැමියාට ගව මහීෂාදීන් මහඟු සම්පතක් විය. ඇතැම් විටෙක කෙනෙකුගේ වත් පොහොසත්කම් පිළිබඳව පවා තක්සේරු කරන ලද්දේ ඔවුන් සතුව සිටින ගව මහීෂාදීන් සංඛ්‍යාව අනුවය. එසේ හෙයින් එකී සතුන් කෙරෙහි පැමිණෙන්නා වූ ඇතැම් රෝගාබාධ සම්බන්ධයෙන්යෙන් අත් බෙහෙත් කිරීම පමණක් නොව ඔවුන් විෂයෙහි ශාන්තිකර්ම පවා ගැමි ජනතාව ඉදිරිපත් වී ඇත. එසේ පශු සම්පත් වර්ධනය අරමුණු කොට ගත් සබරගමු සාම්ප්‍රදායික ශාන්ති කර්මයක් ලෙස කිරි මඩුව හැඳින්විය හැකිය. විශේෂයෙන්ම ගව මහීෂාදීන්ට වැලදෙන්නා වූ රෝග වසන්ගත ආදිය වළක්වා ගැනීම සඳහා මෙම ශාන්තිකර්මය පවත්වනු ලැබේ. මංගල දේවතාවන් සහ පත්තිනි දේවතාවිය ප්‍රධානත්වයෙහි පවත්වනු ලබන කිරිමඩුව ගැබ් ගත් කාන්තාවන් සඳහා විශේෂ වූ ශාන්තිකර්මයක යන්න බොහෝ දෙනාගේ අදහස බව මුදියන්සේ දිසානායක මහතා සඳහන් කරයි. එසේ වුවද එම අදහස පිළිගැනීමට ඇති සාධක විරලය. බොහෝ දෙනාගේ පිළිගැනීම වී ඇත්තේ කිරිමඩුව පශු සම්පත් සංවර්ධනය සඳහා කරනු ලබන ශාන්ති කර්මයක් බවයි. කෘෂි කර්මාන්තයේ දියුණුව සහ මෙම ජාතික අනෙකුත් අතුරු අරමුණු ලෙස සැලකිය හැකිය. සෑම වසරක් පාසාම කිරිමඩුව පවත්වන්නේ ඒ වෙනුවෙන් කෙරෙන භාරහාර ඉටු කිරීම සදහාය. කිරි මඩුව පැවැත්වීම සඳහා කරනු ලබන පූජා චාරිත්‍ර වන්නේ ගසක ගොන් බැඳ වෙන් කිරීමයි. එසේ ගසක බැන්ද තමන්ගේ කිරි හරක් වඳුරු වසංගත වලින් මුදවා ආරක්ෂා කර දෙන ලෙසත් ඒ වෙනුවෙන් මංගර දෙවියන් ප්‍රධාන කොටගෙන කිරි මඩුව පවත්වනු ලබන බවටත් භාරහාර වීම මෙහි චාරිත්‍රයකි. මෙකී මඩුව ශාන්ති කර්මයෙහි පුද ලබන්නා වූ දේව කොට්ඨාසයන් වශයෙන් මංගල දෙවියන් ප්‍රධාන කොට පත්තිනි දේවතාවිය ද, සතරවරම් දෙවිවරුන් ප්‍රධානකොට ඇති සත් පිරිවර දෙවි දේවතාවුන් ය. කිරි මඩුවේ උත්පත්ති වශයෙන් දැක්වෙන කතා පුවත් කිහිපයක් ඇත. එසේ හෙයින් මෙකී පුවත් එකිනෙක හා සංකල්පය වී ඇතැම් විට නිරවුල් ලෙස අදාල කතා පුවත වටහාගැනීමේ දුෂ්කරතාවයන්ට ඇත. ප්‍රාදේශීය වශයෙන් සහ මුඛ පරම්පරාගතව පැවැති එම නිසා වෙනත් කතා හා බැඳී කොටස් අතර වශයෙන් මෙයට එක් වී ඇත.

කිරි මඩු යාග ශාන්ති කර්මය පිළිබඳව නුගේහෑල්ල නැතහොත් මංගර හෑල්ලෙහි දැක්වෙන කථා පුවත මේ ආකාරයෙන් වේ

කිතල්ලව නම් රජුට දාව උපන් කුමරුට වයස අවුරුදු දහ අටේදී පෙර ආත්ම භවයක තිබුණා වූ කිරි වෛරයක් හේතු කොට ගෙන මීමෙකු වෙතින් විපත් පැමිණෙන බව නැකත් අඳුරු පැවසූහ. මෙකී කුමරා මී මුන්ට ඉතා ප්‍රිය ව සිටි අතර කුඩා කල සිටම ඔවුන් හා එක්ව ක්‍රීඩා කිරීමටද පුරුදුව සිටියේය. වයස අවුරුදු හතේ සිට මිත්‍රයන් හා එක කැලෑවට ගොස් කුළුමීමුන් පිටුපස ගොස් ඔවුන් අල්ලා ගැනීමට මුළු සමත්කම් දැක්විය. කුමරුන් මී ගවයින්ගෙ විපත්තියෙන් ගල්වා ගැනීම සඳහා නැව් නැග්ග විය. නැව් නැගී කුමාරු උසන්ගොඩින් බැස කළ මී ගවයින් රැලක් දැක උන් පස්සේ හඹා යන කළ මීයක් දැක එය කඩා ගෙන කෑමට ආශාවක් ඇතිවිය. ඔහුගේ යහළු එඬේර කුමරකුට කදිරා විලට ගොස් මීමා පිළිබඳ තොරතුරු සොයා එන්නට නියම කොට කුමරා තම පියවරක් සමග නුග ගසක බැඳී මීය කඩන්නට සූදානම් විය. මීය බැඳී නුග ගස කපන්නට අපහසු බව මිතුරෝ කුමරුන්ට කීවේ එහි අරක් ගත් යක්ෂයකු සිටි බවත් යක්ෂයන් කපන්නට ඉඩ නොදෙන බවත් මිතුරෝ මංගල කුමාරයාට පැහැදිලි කර දුන් මේ පුවත ඇසූ මංගල කුමරු බෙහෙවින් උදහස් වී තමා ම ඉදිරිපත් වීම කපන කල එහි තිබී රන් ගබඩාවක් හමුවිය. මීය කඩා කාමින් මී පැණි මුලක් තම එඬේර මිත්‍රයාටද බැඳ දී යන්නට යන අතරවාරයේදී මදිරාවේ විල දෙසට දුව ගිය මීදෙන ඔවුන්ට මුණගැසුණේය. මංගල කුමරුන් මීමා අල්ලා ගන්නට කරන විට මීමා කුමරු මරා දැම්මේය. එයින් ශෝකයට පත් එඬේර කුමරා මීමා මරා උගේ ශරීරාංග යොද ප්‍රයෝජනයට ගනිමින් කිරි උතුරවා එම කිරි ඉස මංගල කුමරුන්ට නැවත ප්‍රාණය ලබා දුන්නේය. මෙම කථාපුවත කිරි මඩුවේදී නාට්‍යමය පෙළපාලි හයක් මගින් නිරූපණය කරනු ලබයි.

මීට වඩා තරමක් වෙනස් කථා පුවතක් ද ජනවහරේ ඇත. මායාපුර කිතල්වර නම් රජකු රජ කළ කල්හි එකී රජතුමාගේ බිසව ගැබ් ගෙන ඇසල මස කිවිදින වෛතාල මොහොතේ උපන් කුමරුට බුදුසිරුර යන නම තබන ලදී. මෙම කුමරු වැඩිහිටි වූ කල ගවයකුට පෙම් බැන්ද උගෙන් පහර කා මරණයට පත් වෙතෙයි යන්න නිමිති ඇඳුරා ප්‍රකාශය කළේය. කුමරා රන් වලලු අතලා රන් හවඩියක් ඉනේ ලා රන් මන්දමක් අතින් ගෙන ක්‍රීඩා කරන්නේය. මායා රජුගේ පුත් කුමරාද මෙම කුමාරයා සමග එක්ව ක්‍රීඩා කරන්නේය. අපි දෙදෙන එකම එළදෙනගේ තන කිරි උරා බොමු යැයි මේ දෙදෙනාම කතිකා කරගත්හ. එළදෙනක් ගෙන ඇගේ දෙතන පුඩු වලින් කිරි උරා බොමින් සිටි මේ දෙදෙනාගෙන් එක් කුමරෙක් තමන්ට අයත් තනපුඩුවෙන් කිරි උරා බොන්නේ තනයේ කිරි දෙන තෙක් උරා ගත්තේය. තනයේ කිරි වැඩි හෙයින් අනික් කුමාරයාට කිරි නොමැතිවීම හේතුවෙන් නිසා මේ දෙදෙනා අතර දබරයක් ඇතිවී වෛරයක් ඇති කර ගත කිරි උරාබීම නිසා හටගත් වෛරයක් බැවින් මෙය කිරි වෛරය ලෙස ප්‍රසිද්ධ විය. ඒ තදින් සිතට ගෙන සිටි මිතුරා බුදසිරු මරන්නට සිතා මීමෙකු ආවේශ වූයේ ය.

දිනක බුදසිරු උසන්ගොඩ අසල වනයේ මීයා කඩන්නට ගියේය. රන් පොරවෙන් නුගේ මිය කෙටු විට එහි පැණි පමණක් නොව රන් මන්දක් රන් කෙවිටක් සහ රන් කලස් ආදී තිබෙනු දක්නට ලැබින. නුගේ මිය කඩන්නට ගිය සෙස්සෝ ද මීයේ පැණි මුල් බැඳ රැගෙන එමින් සිටියදී ගව රැලකට අනිමින් දුවගෙන එන මීමෙක් දක්නට ලැබිණ. ගෙරියා බැඳලමියි සිතූ බුදසිරු රන් මන්ද ගෙන මීමා බදින්නට උත්සාහ කළේය. එසේ වුවද මීමා බුදසිරුට වඩා ඉස්සර විය. මීමා බුදසිරුට ඇණ මරා දමන ලදී. ඔහුගේ පිරිස් ද මී මගේ ඇනුම් පහරින් මරණයට පත්විය. මෙහි පැමිණි බුදසිරුගේ මිතුරු එඬේර කුමාරයෙක් මීමා මරා බුදසිරුට පණ දෙන්නට කල්පනා කර මීමාගේ පාද සතර කුණු වශයෙන්ද, ඉණ දොළහ මැස්සේ ලී වශයෙන් ද ගෙන මැස්සක් සාදා මීමාගේ උගුරු දණ්ඩ කපා නලාවට ගෙන කිරී ඉසීමට සුනෙර ද ගෙන ඔලු කබල හැලිය වශයෙන්ද මොලේ මිරිකා කිරි ලෙසද ගෙන ඔලු කබලේ බහා මැස්සේ ගල් තුනක් තබා ළිපක් බැඳ කිරි උතුරවන්නට යද්දි කිරි ඉතිරීමට කහ නොමැති වූයෙන් කහ ටිකක් ඉල්ලා ගන්නට පත්තිනිය වෙත ගියේය.එ‍ඩේර කුමරා පත්තිනියගෙන් කහ ඉල්ලූ විට කිරි කුමාර දේවතාවා එයට විරුද්ධවී සිය අනුහස පා මිනීකිලි හරක්කිලි ආදිය නිසා කහ දීමට බැරි බව කියා කහ විලේ පනුවන් ලෑවේය. මෙහිදී පත්තිනි ඉදිරිපත් වී තමාගේ තෙද බල පණුවන් ඉවත් කර රත් ඇල් හා කහ  ද මතු කොට ගෙන දුන්නේය. නා රජු අඩු වැඩිය නා ලොවින් ගෙන දුන්නේය. අනතුරුව පේ වී රන් සැළියක් ලිප තබා කිරි උතුරුවා මලක් අතට ගෙන පළමු ඉරු දෙවිඳුට දෙවන පත්තිනි දේවියටත් ඉස තුන්වනුව මල පිරිස්ට ඉස විට සියල්ලටම නැවත පණ ලැබුවේය. මෙය මීමාගේ ඇටකටු ලං කර තබා උගේ ඇඟට ද කිරි ඉසින ලදින් නැවත පණ ආවේය. බුදසිරු කුමරු මීමාගේ පිටට පැන ඌත් සමග කැලේට ගියේය. ඉන්පසු එකී කුමරු මංගල නමින් දේවත්වයට පත්විය.

කිරිමඩු  ශාන්ති කර්මයේ දී මෙකී කතා පුවතෙහි අඩංගු සිද්ධි මාලාව නාට්‍යානුසාරයෙන් රග දක්වන අවස්ථා ඇත. කිරි මඩුවේදී කරනු ලබන ආරම්භක චාරිත්‍ර විධි බොහෝ දුරට පහන් මඩුවේ දී කරනු ලබන වත් පිළිවෙත් වලට සමාන වේ. 

  •  පහන් දැල්වීම
  •  තොටමෙට යෑම
  • දෙවියන්ගේ කවි කීම
  •  හත්පද පෙළපාළි යනාදි අංග කිරිමඩුව සඳහා පොදුවේ යොදා ගනු ලබයි. 

කිරිමඩුව සඳහා යොදා ගනු ලබන මණ්ඩපයට අමතර වශයෙන් කිරි මඩුව සඳහා විශේෂ මණ්ඩපයක් යොදාගනු ලැබේ. කිරිමඩුව යනුවෙන් හැඳින්වෙන එකී මැස්ස සාදාගනු ලබන්නේ කඳුරු කණු හතරක් සිටුවා ඒ මත මැස්සක් බැඳ ගැනීමෙනි. මැස්ස මත  පස් දමා උස් වූ වේදිකාවක් වශයෙන් සකස් කර ගනු ලබන අතර ඒ වටා ගොක් රැහැන් ඇද ගනු ලබයි.වෙනත් ශාන්තිකර්මයන්හිවලදී මෙන්ම මෙහිද තොට මට යෑම විශේෂ චාරිත්‍රයක් ලෙස ඉටුකරනු ලබයි. මෙහිදී මුළුතැන් පිසීම සඳහා අවශ්‍ය කරන ජලය වඩම්මවා ගෙන ඒමද සිදු කරනු ලබයි. මෙයින් පසු වී කොටා මංගර දෙවියන් වෙනුවෙන් මුරු තැන් පිදීම කරනු ලබන්නේ බත් හැලිය උපත ආදිය ගායනා කරමිනි. ශාන්ති කර්මයෙහි දක්නට ඇති විශේෂ අවස්ථාවන්ගෙන් එකක් නම් කිරි හැලිය ලිපේ තැබීම මෙහිදී ආතුරයා විසින් වරින් වර එකී හැලියට පොල්කිරි දැමීම කරනු ලබයි. ඉක්බිතිව කිරි හැලිය උතුරුවා කදුරු කොළ දොලහක් තබා කිරි සහ බත් දෙවියන්ට පූජා කරනු ලබයි. 

කිරි මඩුවෙහි ඇති නාට්‍යමය පෙළපාලි අතර මෙකී යාගයට සුවිශේෂ අංගයක් වන්නේ ආඬි ගුරු නැටීමයි. නාට්‍යානුසාරයෙන් හා විවිධ ස්වරූපයන්ගෙන් යුක්තව පවත්වන මෙකී ආඩිඟුරු නැටීමෙන් පසු විශේෂයෙන් සකස් කළ ගෝතඹ රොටිය නමින් හඳුන්වන රොටියකට ඇණ ඊතලයක් හෝ හෙණ්ඩුවක් දේවාභරණවල සංකේතයක් වශයෙන් ගෙන කවි ගායනා කරමින් නටනු ලැබේ. ගෝතඹ රොටිය සකස් කරනු ලබන්නේ අමු කහ විශාල ප්‍රමාණයක් ගෙන කොටා හාල් පිටි සහ පොල් පැණි ද එකට යොදා අනා එම මඩු පොලේ පසෙක බිම ශුද්ධ කොට කෙසෙල් කොළ බිම එළා ඒ මත රොටී මිශ්‍රණය අඟල් දෙකක් පමණ ඝනකමට තුනීකර වටරවුම රොටිය සදා නැවත ඒ මත කෙසෙල් කොළ එලා ඊට උඩින් දර දමා ගිනි මැලය ගසා පිච්චෙන්ට හැරීමෙනි. අවසානයේදී මුළුතැන් පුදා කපු මහතා විසින් ඉදුල් කිරීමෙන් අනතුරුව සියලු දෙනාටම කුඩා කුඩා කොටස් බෙදා දෙනු ලැබේ. කිරි ඉතිරීමෙන් පසු එම කිරි ගවගාල්, කෙත්වතු, ගේදොර ආදී සියල්ලටම ඉසීමෙන් සෞභාග්‍යය අත්පත් කර ගැනීම අපේක්ෂා කෙරේ.

(තොරතුරු ගුරුවරු , පොත්පත් හා අන්තර්ජාලය ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)  

ප්‍රධාන මූලාශ්‍රයන් ,

පීරිස් ඥානසිරි;ශාන්තිකර්ම හා අභිචාර විධි; වාසනා ප්‍රකාශකයෝ; දංකොටුව; 2006

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදි ප්‍රථම වසර 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය


 

 


10 comments:

පහතරට බෙරයේ වගතුග

සිලින්ඩරාකාර හැඩයෙන් යුත් මෙම බෙරය පහතරට නොහොත් රුහුණු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන අවනද්ධ භාණ්ඩය වේ. පහතරට බෙරය, රුහුණු බෙරය, දික් බෙරය, ඝෝෂක ...