මෙම ශාන්තිකර්මයෙහි බෙන්තර සම්ප්රදාය සහ මාතර සම්ප්රදාය යනුවෙන් ප්රභේදයන් දෙකක් පවතී. ඇතැම් අය විසින් කොළඹ සම්ප්රදාය වශයෙන් හඳුන්වන තුන්වන සම්ප්‍රදායක්ද ඇතැයි දක්වනු ලබතත් එය පෙර කී මාතර හා බෙන්තර සම්ප්රදායන්ගෙන් රයිගම ප්‍රදේශයට ආවේනික වූ දෙවොල්මඩු ශාන්තිකර්මය ද ඇතැම් අංග ලක්ෂණ හා කොටස් උපුටා ගනු ලැබුවා වූ සංකර හා සංකීර්ණ එකක් ලෙස පෙනේ. බෙන්තර සම්ප්‍රදායට අනුව පවත්වනු ලබන්නාවු සන්නි යකුම් යාගයේ දී තුණුරුවන් හා සතරවරම් දෙවියන් වෙනුවෙන් මලක්ද අස්නක්ද ශාන්ති වීදිය යනුවෙන් හඳුන්වන තවත් විශේෂ වීදියක්ද කපාල පිදේන නැතහොත් සන්නි කූඩුව යනුවෙන් හඳුන්වන විශේෂ සැළසිල්ලක් ද අනෙකුත් යකුන් යක්ෂනියන් සඳහා පිදේනි ද ඉදි කරනු ලබයි.ශාන්තිකර්මය ආරම්භයේ දී තුනුරුවන් ප්‍රධාන කොට ඇති සතර වරම් දෙවියන් උදෙසා වූ මල් යහන් පහන් දල්වා කවි ස්තෝත්ර ආදිය ගායනා කිරීමෙන් අනතුරුව යකුන්ගේ නාමයට භූත කර්ම විධීන් හා දිෂ්ටි මන්ත්‍ර කිීම සිදුකෙරේ. මෙය රතිකාම යක්ෂ යක්ෂණියන් සඳහා කරනු ලබන්නා වූ විශේෂ නර්තන වෙසෙසකි. ඉන් අනතුරුව යහන් දැක්ම නටා පන්දම් දීම සිදුකෙරේ. පන්දම් පද නැටීම නැතහොත් පන්දම් ගැසීමෙන් මෙහිදී සිදුකරන විශේෂ අංගයකි. පන්දම් පද හතක් වශයෙන් දැක්වේ. එකී පන්දම් පද හා එයට නියමිත ඉරට්ටි නැටීමෙන් අනතුරුව ආතුර අඩව්ව නැටීම සම්ප්රදායයි. මින් අනතුරුව සිදු කෙරෙන්නේ හැන්ඳෑ සමයට අධිගෘහිත වන්නාවූ සියලු යකුන් යක්ෂණියන්ගේ නාමයට කවි ගායනා කිරීමයි. කළු යකා රීරි යකා සූනියම් යක්ශනිය අභිමාන යකා මරුවා ආදී චරිත්‍ර රඟමඩලට පිවිසීමෙන් අනතුරුව ලිච්ඡවී නැටුම ඉදිරිපත් කරනු ලැබේ. කවි ගායනය කරමින් නටන මෙකී නර්තනයේ දී නළුවන් තමන්ගේ උපරිම දක්ෂතාව පෙන්නුම් කිරීමට උත්සාහ කරති.
මීළඟට රඟමඩලට පැමිනෙන්නේ පාලි නැටුම් ය. පාලි නැටීම සන්නි යකුන් රග මඩලට කැඳවීමේ පූර්ව රංගනයක් නැතහොත් ආරාධනයක් ලෙස සැළකිය හැකිය. ඉන් අනතුරුව කලු කුමාර සමයමත් දෙකොන විලක්කු නැටීමත් සිදුකෙරේ. දෙකොන විලක්කු නැටීම මහ සොහොන් සමයම නැටීම ලෙසද හඳුන්වනු ලබයි. ඉන් අනතුරුව සන්නි යකුන්ගේ භූමිකා නිරූපණය හා ඊට අදාල නර්තන සඳහා රඟමඬල වෙන් වේ. අවසානයේදී පැමිණෙන්නේ කෝළ සන්නි යක්ෂයාය. කෝල සන්නි යක්ෂයා පුද පඬුරු ලබා ගැනීමෙන් අනතුරුව දෙවියන්ගෙ කවි කියා පිං බෙර ගසා ශාන්තිකර්මය නිම කරනු ලැබේ. මෙහිදී මාතර සාම්ප්‍රදායික සන්නි ඇඳුම් පැලදුම් වලින් පමණක් නොව ඇතැම් පෙළපාලි සහ චාරිත්‍ර විධීන්ගෙන් ද බෙන්තර සම්ප්‍රදායට වඩා වෙනස් වේ. බෙන්තර සම්ප්රදායේ දී ප්‍රධාන නර්තන අංගයක් කොට සලකනු ලබන ලිච්ඡවී නැතහොත් කුමාර පෙළපාලිය මාතර සාම්ප්‍රදායික සන්නි යකුමේ දී දක්නට නැත.
(තොරතුරු , ගුරුවරු හා පොත්පත් ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)
ප්‍රධාන මූලාශ්රයන්
පීරිස් ඥානසිරි;ශාන්තිකර්ම හා අභිචාර විධි; වාසනා ප්‍රකාශකයෝ; දංකොටුව; 2006
ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන
විශේෂවේදි ප්‍රථම වසර
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
Good
ReplyDelete👍
ReplyDeleteSuperb 💜️
ReplyDelete💜️💜️💜️
ReplyDeleteBest
ReplyDeleteSuperb👍👍
ReplyDeleteGood
ReplyDeleteවටිනවා
ReplyDeleteGood 👍👍
ReplyDeleteවැදගත්
ReplyDeleteGood article 👍👍
ReplyDeleteVeleuble
ReplyDeleteImportant 💛🥂
ReplyDeletegood
ReplyDeleteSuperb saro
ReplyDelete