Saturday, October 31, 2020

උඩරට වෙස් ඇඳුම් කට්ටලය


උඩරට නර්තන ශිල්පියාට උරුම වූ උසස්ම වස්ත්‍රාභරණ සමූහය ලෙස වෙස් ඇඳුම් කට්ටලය හැදින්විය හැකිය. කොහොඹා කංකාරිය නැමති උඩරට ප්‍රධාන ශාන්තිකර්මය කිරීමේදී පමණක් මුල් කාලයේදී අදිනු ලැබූ මෙම ඳුම් කට්ටලය මළය රජුගේ ඳමෙන් අර්ධයක් යැයි මතයක් පවතී. එයින් අදහස් කරන්නට ඇත්තේ යක්දෙස්සා කොහොඹා යක් කංකාරි ශාන්තිකර්මය කිරීමේදී ගනු ලබන්නේ මලය රජුගේ වේශය බවයි.මළය රජු ඌරා පසුපස ලුහුබැඳ ඇත්තේ රාජාභරණයෙන් සැරසී සිංහාසනාරූඪව සිටි මොහොතක බවත් පුවස් රජු උදෙසා යාගය පවත්වා ඇත්තේ මෙම ගමනේදී බවත් ජනප්‍රවාදයේ කියැවේ. එම අවස්ථාවේ රජු ඳ සිටි රාජාභරණ වලට අනුව කොහොඹා කංකාරි ශාන්තිකර්මයේදී ඳුම් ඇදීමට එම රජුගෙන් අවසර ලැබුණු බව කියැවේ.

වෙස් ඳුම් කට්ටලයෙන් පිළිබිඹු වන්නේ කුමක්දැයි යන්න ගැන විවිධ මත භේද අප අතර දැනට පවතී. ඒ අතර සූර්යා පිළිබිඹු කරන ඳුමක් ලෙසත් බෞද්ධ ස්ථූපයක හෙවත් චෛත්‍යයක අනුකෘතියක් ලෙසද මත දරයි.චෛත්‍යයක අනුකෘතියක් යන මතයට තුඩුදෙන අංග කිහිපයක් සිඛාබන්ධනයෙන් පැහැදිලි වේ. අඩක් කැපූ ස්ථූපයක් සහ බෝකොළ මෙයට සම්බන්ධ කර ඇත. වෙස් ඳුම් අදින ශිල්පියාගේ ඳුම් කට්ටලය පිළිබිඹු වන සහ එහි විකාශනය පිළිබඳ ගල් කැටයම් චිත්‍ර සහ ලී කැටයම් වලින්ද සාක්ෂි දරයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ අම්බුලුගල විහාරයේ 18 වන ශතවර්ශයට අයත් උඩරට නැට්ටුවෙකුගේ ඳුම් පිළිබිඹු වනවා දක්නට ඇත. උඩරට නැටුම් ශිල්පියාගේ මූලික ඉරියව්ව වශයෙන් ගැනෙන මණ්ඩිය මෙහි පැහැදිළිව දක්නට ලැබේ.

මේවා තුල වර්තමාන වෙස් නැට්ටුවකුගේ ඳුමට සමාන ලක්ෂණ දැකිය හැකිය. අතීතයේ මෙම වෙස් ඳුම් කට්ටලයට හිමි වූයේ අත් මහත් ගෞරවයකි. එය තැන්පත් කිරීම පවා සිදු වූයේ විහාර දේවාල වැනි පූජනීයත්වයට පත් ස්ථාන වලය.

 

වෙස් ඇඳුම් කට්ටලයේ තෝරා ගත් ආභරණ කිහිපයක ව්‍යූහගත අර්ථය

සිවිලිය යනු දේවාභරණයකි. මෙවැනි සිවිලි මහනුවර විෂ්ණු දේවාලයේත් දොඩම්වල හා මොරපේ යන දේවාලවලත් ඇති බව සඳහන්ය.වෙස් නැට්ටුවන් හිසේ පළඳින වෙස් තට්ටුව හෙවත් ශිඛා බන්ධනය මෙම සිවිලියෙන් භාගයකි. ආභරණ වලින් අඩක් යන මතය ශාන්තිකර්මකරුවන් අතරට පැමිණ ඇත්තේ වෙස් තට්ටුව යනු සිවිලියෙන් අඩක්ය යන විශ්වාසය හේතුවෙන් විය හැකිය.  අර්ධ කවාකාර හැඩයෙන් යුතු වෙස් තට්ටුව ලීයෙන් තනා රිදී රන් හා මැණික් යොදා තහඩුවෙන් වසා ඇත. මෙහි අගට සම්බන්ධ කොටස්වලට බෝපත් සවිකොට තිබේ. නෙත්ති මාලය යනුවෙන් හඳුන්වන ඇතැම් විට මැණික් ගල් අල්ලනු ලැබූ දුනු හැඩයෙන් යුතු ආභරණය වෙස් තට්ටුවට යටින් නළල ආසන්නයේ පළඳිනු ලැබේ.


පායිම්පත ගිනි සිළුවක හැඩය ගත් ලී පටි මත කැටයම් කපා ඒ මත රිදී ඔබ්බවා සකස් කර ගත් අඟලක් පමණ පළල පටි 7ක් මේ සඳහා යොදා ගෙන ඇත. ජටාවට ඉදිරියෙන් හිස මත මෙය පැළඳ ගනී. එම පටි එකිනෙකට සම්බන්ධ වන ආකාරයට පිටුපසින් තද කම්බි දෙකක් යොදා ඇත.

වර්තමාන උඩරට නැට්ටුවා පළඳින වෙස් තට්ටුව ක‍්‍රි. ව. 1815 න් පසු කෑගල්ලේ හිග්ගොඩ පරපුරෙන් නේරංගම පරපුරටත් ඒකාබද්ධව 1817 දී නිර්මාණය කොට තනිකච්චියේ නෙයියාඩි ඇඳුමට බද්ධ කළ නව නිර්මාණයක් හෙවත් වෙස් ඇඳුමට විකල්පයක් ලෙස අරනායක පොල් අඹේගොඩ දේවාලයේ කංකාරි නැටුමට එක්කළ නවාංගයක් ලෙස හැඳින්විය හැකිය. වෙස් තට්ටුව රාවණා රජුගේ ඔටුන්නේ නිරූපණයක් බව ද ඇතමෙකු තර්ක කරයි. මලය රජුගේ ඔටුන්න රාවණ රජුගේ ඔටුන්න අනුව සකසා ඇති බව ද එහි මුලින් පැවති පෙති ගණන දහයක් හෝ එකොළහක් විය හැකි බව ද ක‍්‍රමයෙන්  මේ ගණන පහළොව දක්වා වැඩි වී ඇති බවට ද සැක පහළ කෙරේ. රාවණ පෙලපතේ පාලන මධ්‍යස්ථානය වූ ආලකපුරය හෙවත් වර්තමාන සීගිරියේ චිත‍්‍ර වල නිරූපිත රජ බිසවකගේ හිස් පළඳනාව විශේෂයෙන් එහි පායිම්පත නම් කොටසින් වෙස් තට්ටුවට නෑකම් දක්වන බව  විශ්වාස කෙරේ.

 

වෙස් ඇඳුම සඳහා භාවිතා කරන ශීර්ෂ ආභරණ අතර මුලින්ම දක්නට ලැබෙන්නේ ජටාවයි. දැවයෙන් නිම කරන ලදුව වෙස් නැට්ටුවා හිස් මුදුනේ පළඳින ආභරණයයි. ජටාව මහා බ‍්‍රහ්මයා පැළඳ ගෙන සිටින සිළුමිණේ අනුරුවක් එහි බ‍්‍රහ්මයාගේ වරම ඇති බව ද යක්දෙස්සන්ගේ මතයයි. මෙය ස්ථූපයක හැඩය ගැනීම කෙරෙහි ප‍්‍රායෝගික අර්ථයට අමතරව බෞද්ධාගමික අර්ථයක් බලපාන්නට අතැ යි අනුමාන කරයි. වෙස් නර්තන ශිල්පීන් අනෙකුත් කිසිදු ආභරණයක් පැළ`දීමට ප‍්‍රථම කරනු ලබන චාරිත‍්‍රයක් ජටාව පැළ`දීමේදී කරනු ලබයි. එනම් ජටාව පැළදීමට ප‍්‍රථම එය වන්දනා කිරීමයි. හිස වෙස් පැළඳීමනම් නර්තන ශිල්පීන්ගේ හිසෙහි පළඳින පූජනීය ආභරණ අතරින් මුලින් ම නැට්ටුවා පළඳින්නේ ද ජටාවයි. ජටාව මුදුනේ සිට පසුපසට එල්ලා වැටෙන අඟල් හතලිස් පහක් පමණ වන රෙදි පටිය ජටා පටිය නම් වේ. 

 

තෝඩුපත වෙස් නැට්ටුවාගේ කන් වැසීමට ගන්නා කර්ණාභරණයයි. එහි පත්තිනියගේ වරම් ඇති බව යක්දෙස්සාගේ විශ්වාසයයි. ජනප‍්‍රවාද වලට අනුව පත්තිනි දෙවියන්ට උප්පත්ති ගණනාවක් ඇති අතර ඇය එක් අවස්ථාවක උපත ලබා ඇත්තේ අඹ ගෙඩියකිනි. සාම්ප‍්‍රදායික වෙස් නැට්ටුවාගේ තෝඩු පත ද බොහෝ විට අඹ ගෙඩියක හැඩය ගන්නා බැවින් එහි පත්තිනි දෙවියන්ගේ වරම් ඇතැයි විශ්වාස කෙරේ. 

 

අඩ සඳක හැඩයට තද රෙදි වලින් සකසා ඒ මත පබළු වලින් විවිධ අලංකාර මෝස්තර මැවූ කරතැල්ලකි. මෙය පළදිනුයේ බෙල්ලටය. මෙය විවිධ හැඩයන්ගෙන් ද යුක්තය.

 

පපුවේ පළඳිනු ලබන්නේ අවුල්හැරයයි. පපු පෙදෙස ආවරණය වන පරිදි කිරි පබලූ, ඇත් දළ කොටස්, මී අං, කබල්ලෑ පොතු, රිදී, පිත්තල බොත්තම් ආදිය ද අවුහැරයේ ඇත. පායිම්පත, අවුල්හැරය, වෙස් තට්ටුව සහ රෙද්දේ රැළි ආදියෙන් සූර්යයා සංකේතවත් වේ යයි අදහස් කරයි.

 

 

තව ද උරහිස් වැසීම සඳහා දෙවුර මාල  හෙවත් උරබාහුය. පිත්තලෙන් හෝ රිදියෙන් උරහිසට සරිලන සේ සකස් කර ගත් පතුරු දෙකකි. සුළු වශයෙන් විවිධ කැටයම් මෙහිදී දැකිය හැකිය. පළදිනු ලබන්නේ උරහිස් දෙකටය.

 

අත් පළඳනා ලෙසින් කළ බණ්ඩි වළලූ 16ක් පමණ ද වේ. ඇතුලත කුහරයක් සිටින ආකාරයට තඹ වලින් හෝ පිත්තල වලින් සකසා ගත් වළලු විශේෂයකි.

 

 

මැණික් කටුවට නොහොත් පිටි අල්ලට පළඳන්නේ  කෛමෙත්තුය. සමහරක්  මෙයට හස්තකඩය නමින් වැරදි ව්‍යවහාරයක් භවිත කරයි. දිගින් අගල් 3ක් පමණද වන ආකාරයට ලී පටි මත කැටයම් කපා ඒ මත රිදී ඔබ්බවා ඇත.

 

ශරිරයේ පහළ කොටසට රියන් දොළහක් දිග රැලි තබා අඳින උල් උඩය නම් වූ සුදු රෙද්දක් ද අඳිනු ලැබේ. ඉන දෙපසට විහිදෙන ලෙස රැලි සකස් කර ගන්නා රියන් 16ක් පමණ දිග අඟල් 32 ක් පමණ පළල වූ සුදු රෙද්ද මෙනමින් හැඳින්වේ. උල්උඩය ඇඳ ඊට උඩින් මෙම රෙද්දෙන් රැළි පෙළ සකස් කර ගනී.


තවද රියන් විස්සක් දිග හඟල නමැති සුදු රෙද්දත් එහි දෙකෙළවරෙන් ගැට ගසා ඇති වූ නරුපොට දෙකක් වේ. නැට්ටුවාගේ ඉන දෙපස සිට දණහිස දක්වා පමණ දිග රැලිකරණ ලද සුදු රෙද්දකි. මෙහි පහල කෙලවර රතු කහ කලු ආදී පාට වලින් පටි මසා ඇත. පොත් පොටට මැදි කර ඉන වෙලීමෙන් මේවා ඉන දෙපස රදවයි.

 

 රියන් අටක් දිග රතු ඉන පටිය කෙළවර තබනු ලැබූ නෙරිය පොත්පොට නම් වේ. 

 

ඉනෙන් පහළට නරුවක් මෙන් එල්ලා වැටෙන පළඳනාව බුබුළු පටිය නම් වන අතර එය රිදී පැහැති රවුම් කිහිපයක් සහිතව අලංකාර කර පලදනාවකි. රෙදි අග විල්ලූද බෝල සහිතව වූල් පොට්ටු සම්බන්ධ කර ඇත.මෙය ත්‍රිකෝණාකාර හැඩයක් ගනී.ඉනේ සිට දනහිස දක්වා පමණ දිගට සිටින සේ පළදියි.

 

රිදී එබ්බ වූ ලී කැටයම් වලිනුත් රිදී බොත්තම් වලින්ද මෝස්තරයක් එළිදක්වන ආකාරයට ඉන බැදීමට ඝනකම් රෙදි වලින් අඟල් 3ක් පමණ පළලට සකසාගත් ඉන පටියකි.

 

 

 

 

 

 

 




වෙස් ඇඳුම් කට්ටලයේ එන සියළු කොටස්

  • දිග සුදු මේස් කලිසම
  • පොත් පොට (රියන් 8ක් දිග අඩි 1-2 පමණ පළල් වූ එක් කොනක නරුවක් ගැටගසා ඇති රතුපාට රෙද්දකි)
  • උල් උඩය(රියන් 8ක සුදු රෙද්දකි)
  • හඟල ලනුව (රියන් 12ක් දිග ලනුවකි)
  • හඟල (රියන් 12ක් දිග සුදු රෙද්දකි)
  • දෙවල්ල (හඟල රෙද්දේ දෙකෙළවර ගැට ගසා ඇති නරුපට දෙකකි)
  • බුබුලු පටිය (ඉන ඇදය/ ඉන හැඩය)
  • ඉන පටිය (බඳ පටිය)
  • අවුල් හැරය (කිරි පබළු වලින් සාදා ගන්නා ආභරණයකි)
  • කරපටිය
  • උරබාහු
  • බන්දි වළලු
  • කෛමෙත්ත
  • ජටාව
  • ජටා පටිය
  • තෝඩුපත්
  • පායිම්පත
  • ශිඛා බන්ධනය (වෙස් තට්ටුව)
  • නෙත්ති මාලය (වෙස් තට්ටුව මැද ඇති අඩ සඳ)
 

 වර්තමානයේ මෙම වෙස් ඳුම් කට්ටලය ඒ ඒ පරම්පරාවට උවමනා ආකාරයකින් සකසා ගත් බවක්ද දැකිය හැකිය. මේ ආකාරයට උඩරට වෙස් ඳුම් කට්ටලය හදුන්වා දිය හැකිය.


ඩබ්.ඒ්.එම්.එස්.එන්.ජයවර්ධන
විශේෂවේදී ප්‍රථම වසර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය


 

පහතරට බෙරයේ වගතුග

සිලින්ඩරාකාර හැඩයෙන් යුත් මෙම බෙරය පහතරට නොහොත් රුහුණු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන අවනද්ධ භාණ්ඩය වේ. පහතරට බෙරය, රුහුණු බෙරය, දික් බෙරය, ඝෝෂක ...